අහමදාබාද්හි පැවැති 2026 T20 ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් නවසීලන්ත කණ්ඩායම පරදා විශිෂ්ට ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ T20 ලෝක කුසලාන ඉතිහාසයේ තෙවරක් ශූරතාවය දිනාගත් ලොව පළමු කණ්ඩායම බවට පත්වෙමින් ඉන්දියාව නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
අතිශය උද්යෝගිමත් මුහුණුවරක් ගත් මෙම තරගයේදී ඉන්දීය ක්‍රීඩකයින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දැක්වූ දක්ෂතා හමුවේ නවසීලන්තයට එල්ල වූ පීඩනය හමුවේ ඔවුන්ට තරගයේ පාලනය ගිලිහී ගියේය. මීට පෙර 2007 සහ 2024 වසරවලදී ලෝක ශූරතාවය දිනා සිටි ඉන්දියාව, මෙවර තමන් සතු ප්‍රබලත්වය යළිත් වරක් ලොවටම ඔප්පු කර පෙන්වීය.
මුළු මහත් ඉන්දියාවම මෙම ජයග්‍රහණය උත්සවශ්‍රීයෙන් සමරන අතර, ලෝක කුසලාන ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබීමට රෝහිත් ෂර්මා ඇතුළු ඉන්දීය සංචිතය මෙලෙස සමත් විය. නවසීලන්ත කණ්ඩායමට අවසන් මහා තරගයේදී අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදු වූ අතර ඉන්දීය ක්‍රීඩකයින්ගේ මෙම ඓතිහාසික ජයග්‍රහණය ක්‍රීඩා විචාරකයින්ගේ ඉහළ ඇගයීමට ලක්ව ඇත.














