වත්මන් ලෝක යුද වාතාවරණය හේතුවෙන් පැනනැගී ඇති අර්බුද හමුවේ රජයට හෝ විවිධ පාර්ශවයන්ට දොස් පැවරීම පසෙකලා, සියලු දෙනා ඉවසීමෙන් සහ පවතින සම්පත් කළමනාකරණය කරගනිමින් කටයුතු කළ යුතු බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ පවසති. දඹාන පිහිටි ඒ මහතාගේ නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ යුද්ධය හේතුවෙන් මතුව ඇති තෙල් පෝලිම් ඇතුළු ගැටලු සමස්ත ලෝකයටම බලපා ඇති බවයි. තම ජනතාවට ඉන්ධන සෘජුව අවශ්‍ය නොවුණත්, වෙළඳාම් කටයුතු සහ සංචාරක පැමිණීම සීමා වීම නිසා ආදිවාසී ජනතාවට ද මෙහි බලපෑම එල්ල වී ඇති බවත්, පවතින තත්ත්වය නිරාකරණය වන තෙක් තිබෙන දෙයින් සෑහීමට පත්ව කටයුතු කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.














