ඉන්දියාවේ ප්‍රධානතම ගුවන් සේවයක් වන ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සේවය නව දිල්ලිය සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් මෙහෙයුම් ඊයේ (29) සිට නිල වශයෙන් ආරම්භ කර තිබේ. දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ක්‍රියාත්මක මෙම නව සේවාව යටතේ සෑම සතියකම ගුවන් ගමන් වාර හයක් (06) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලධාරීහු ප්‍රකාශ කරති.
මෙම නවතම එක්වීමත් සමඟ ඉන්ඩිගෝ ගුවන් සේවය ඉන්දියාවේ මුම්බායි, බැංගලෝර්, හයිද්‍රාබාද්, චෙන්නායි සහ දිල්ලි යන නගරවල සිට කොළඹ දක්වා සතිපතා ක්‍රියාත්මක කරන මුළු ගුවන් ගමන් වාර සංඛ්‍යාව 55 ඉක්මවනු ඇත. මෙය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට මෙන්ම ව්‍යාපාරික කටයුතු පහසු කරලීමට ද මහඟු පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














