කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාජ ලිපි ශීර්ෂයක් (letterhead) භාවිතා කරමින් මූල්‍ය වංචාවක් සිදුවන බව අමාත්‍යාංශය මහජනතාවට අනතුරු අඟවයි. අමාත්‍යාංශ ලේකම් කේ.ටී.එම්. උදයන්ග හේමපාල මහතාගේ නම සහ ව්‍යාජ අත්සන යොදාගෙන නිර්මාණය කරන ලද ලිපි මගින් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සිසුන්ට පාසල් උපකරණ ලබා දෙන බව පවසමින් මුදල් එක්රැස් කරමින් පවතී.
වංචනිකයින් අමාත්‍යාංශ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබා දී කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8016615386 (K.V. Vinodya නමින්) වෙත මුදල් තැන්පත් කරන ලෙස ඉල්ලා සිටින බව වාර්තා වේ. අමාත්‍යාංශය තදින්ම අවධාරණය කරන්නේ මෙවැනි කිසිදු වැඩසටහනකට අමාත්‍යාංශය සම්බන්ධ නොවන බවයි.














