• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

INSEE සිමෙන්ති 2023 – ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය විශිෂ්ට ව්‍යාපාරික හවුල්කරුවන් අගයයි

1 March 2024
in පුවත්, ව්‍යාපාර
INSEE සිමෙන්ති 2023 – ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය විශිෂ්ට ව්‍යාපාරික හවුල්කරුවන් අගයයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ අංක එකේ සිමෙන්ති සන්නාමය වන INSEE සිමෙන්ති විසින් මෑතකදී කොළඹ මැරියට් හෝටලයේ දී පවත්වනු ලැබූ වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කෙරිණි.

INSEE, නොබිඳෙන බැඳීමක් … නොනවතින ගමනක්…අපගේ ශක්තිය… ‘ යන තේමාව යටතේ පැවැත්වූ මෙවර වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී පසුගිය වසරේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දුන් දැඩි අභියෝග හමුවේ පවා ගුණාත්මක නිෂ්පාදන සහ සේවා, කාලෝචිත බෙදාහැරීම් ක්‍රියාවලියක් සහ ප්‍රතිචාරාත්මක සහයෝගය තුළින් පාරිභෝගික ජනතාව වෙත කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් ලබා දීම වෙනුවෙන් ව්‍යාපාරික හවුල්කරුවන් ලබා දුන් සුවිශේෂී දායකත්වය ඇගයීමට ලක් කෙරිණි.

මෙවර සම්මාන ප්‍රදානෝත්සවයට INSEE සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ඒකනායක, ප්‍රධාන විධායක නිලධාරී යාන් කුනිග්, විධායක කමිටු සාමාජික සාමාජිකාවෝ, කළමනාකාරිත්වය, අලෙවි කණ්ඩායම සහ එම සමාගමේ කලාපීය හා ජාතික මට්ටමේ ව්‍යාපාරික හවුල්කරුවෝ එක්ව සිටියහ.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී අදහස් දැක්වූ INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යාන් කුනිග් මහතා, සමාගමේ ස්ථාවර පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය තුළ ව්‍යාපාරික හවුල්කරුවන් විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය පිළිබඳ අවධාරණය කළේය. “පසුගිය වසර පුරා පැවති විවිධ අභියෝග ජය ගනිමින්, අප ලබා දෙන උසස් තත්ත්වයේ නිෂ්පාදන හා සේවාවන් පුළුල් කිරීමට INSEE සිමෙන්ති සමාගමට හැකියාව ලැබුණේ අපගේ ව්‍යාපාරික හවුල්කරුවන්ගේ ශක්තිමත් සහයෝගය නිසා බව පැවසිය යුතුමයි. ” යනුවෙන් කුනිග් මහතා ප්‍රකාශ කළේය.

“පසුගිය වසර තුළ, INSEE සිමෙන්ති සතු ආකර්ෂණීය නිෂ්පාදන පෙළට INSEE සංස්ථා තීන්ත සහ INSEE සංස්ථා PVC නිෂ්පාදන එක් කිරීමට කටයුතු කළා. අපි අපගේ නිෂ්පාදන පරාසය පුළුල් කරන විට, එම ගුණාත්මක නිෂ්පාදන ප්‍රශස්ත අයුරින් පාරිභෝගික ජනතාව වෙත ගෙන යාමට අපගේ ව්‍යාපාරික හවුල්කරුවන් ලබා දෙන්නේ සුවිශේෂී දායකත්වයක්. මෙය නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් අපගේ සාමූහික කැපවීම පිළිබඳ හොඳ ම සාක්ෂියක් බව පැවසීමට කැමතියි.” යනුවෙන් කුනිග් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
මෙවර ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී ජාතික සම්මාන 11 ක් සහ කලාපීය සම්මාන 20 ක් ඇතුළුව ඉහළ වර්ධනයක් වාර්තා කළ ව්‍යාපාරික හවුල්කරුවන් වෙත සමස්ත සම්මාන 34 ක් පිරිනැමිණි. එමෙන් ම ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ ඉතිහාසය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ ව්‍යාපාරික හවුල්කරුවන් වෙත සම්මාන පිරිනැමූ ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

ලියනගේ එන්ටර්ප්‍රයිසස්, ‘වසරේ ව්‍යාපාරික සහකරු’ට හිමි සම්මානය දිනා ගත් අතර, ළහිරු එන්ටර්ප්‍රයිසස් සමාගමට නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් අලෙවි කිරීම සම්බන්ධයෙන් විශේෂ සම්මානයක් පිරිනැමිණි. එමෙන් ම මෙවර සම්මාන උළෙලේ දී නිව් සෙන්ට්‍රල් හාඩ්වෙයාර් ආයතනය ප්ලැටිනම් ජයග්‍රාහකයා ලෙස සම්මාන දිනා ගැනීමට සමත් විය.

INSEE සිමෙන්ති යනු ශ්‍රී ලංකාවේ ඉහළ ඉල්ලුමක් ඇති INSEE සංස්ථා සහ INSEE මහවැලි මැරීන් ප්ලස් යන සන්නාම ඇතුළු ව පුළුල් පරාසයක ඉදිකිරීම් විසඳුම් ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ එක ම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වේ. ඉදිකිරීම් අවශ්‍යතා සපුරාලීමේ ක්‍රියාවලියෙන් ඔබ්බට යමින්, කාබන් විමෝචනය සැලකිය යුතු ලෙස අවම කිරීම සඳහා වගකීමෙන් යුතු ව ක්‍රියාත්මක වන INSEE සිමෙන්ති සමාගම, තිරසාර ගොඩනැගිලි විසඳුම් හඳුන්වා දීම සඳහා සිය කැපවීම සංකේතවත් කරමින් නිෂ්පාදන පෙළ සඳහා පාරිසරික නිෂ්පාදන සහතිකය (EPD) ලබා ගත් අතර, මෙම සහතිකය ලබා ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට පත් වෙමින් ඉතිහාස ගත වීමට ද INSEE සිමෙන්ති සමාගම සමත් විය.

PR

Post Views: 9,349
Previous Post

“අස්වැසුම” හිමි විය යුතු සැමට කඩිනමින් එම සහනය ලබා දෙනවා – ජනපති

Next Post

Lanka Special Steels, ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් යුත් ‘Poultry 300’ සහ ‘Premium 100’ GI කම්බි නිෂ්පාදන හඳුන්වා දෙයි

editor ttvnews

editor ttvnews

Next Post
Lanka Special Steels, ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් යුත් ‘Poultry 300’ සහ ‘Premium 100’ GI කම්බි නිෂ්පාදන හඳුන්වා දෙයි

Lanka Special Steels, ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් යුත් 'Poultry 300' සහ 'Premium 100' GI කම්බි නිෂ්පාදන හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025
ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

2 July 2025

Recent News

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025
ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

2 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved