• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

INSEE සිමෙන්ති නැවතත් LMD ශ්‍රේණිගත කිරීමෙහි වඩාත් ගෞරවණීය ආයතන අතරට

1 September 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සිමෙන්ති වෙළඳපොළ ප්‍රමුඛයා මෙන් ම එක ම ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති, LMD සඟරාවේ 2022 වසරට අදාළ ශ්‍රේණිගත කිරීමට අනුව වඩාත් ගෞරවණීය සන්නාමයන් අතරට නම් කෙරිණි.

A.C.Nielsen ආයතනය විසින් විවිධ ක්‍රමවේද ඔස්සේ සිදුකරන ලද සමීක්ෂණවල දත්ත මත මෙම ශ්‍රේණිගත කිරීම පදනම් වී ඇත. මෙම ශ්‍රේණිගත කිරීම මෙරට ආයතනික අංශ තුළ වඩාත් කීර්තිමත් සම්මානයක් වන අතර, එමගින් INSEE සිමෙන්ති මෙරට වෙළෙඳපොළ තුළ ගොඩනඟාගෙන තිබෙන විශිෂ්ටත්වය තහවුරු කරයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා සඳහන් කළේ, ” 2022 වසරේ වඩාත් ම ගෞරවණීය ආයතන ලැයිස්තුවට INSEE සිමෙන්ති නාමය ඇතුළත් වීමට අපගේ ගුණාත්මක නිෂ්පාදන වගේ ම එමගින් අප ගොඩනඟාගෙන තිබෙන විශ්වාසයත් හේතු වුණු බව පැවසිය යුතු ම යි. පාරිභෝගික කේන්ද්‍රීය සන්නාමයක් විදියට අපි අපගේ හැකියාවන් ඔප්පු කර තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ, විවිධ හේතූන් නිසා මුහුණපෑමට සිදු වූ අභියෝගාත්මක තත්ත්වයන් තුළ පවා දේශීය ඉදිකිරීම් කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාමට ශක්තියක් වීමට අපට හැකියාව ලැබුණා. ඊට අමතරව, මෙරට සිමෙන්ති වෙළෙඳපොළ තුළ විටින් විට මිල ගණන් අස්ථාවර වූ අවස්ථාවල දී පවා, 100% දේශීයව නිපදවන එක ම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සංස්ථා සිමෙන්ති හරහා පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීම නිසා අප කෙරෙහි පැවති පාරිභෝගික ආකර්ෂණය හා විශ්වාසය තවත් වර්ධනය වුණු බව පැවසුවොත් නිවැරදි යි. ඒ වගේ ම INSEE සිමෙන්ති, LMD සඟරාව විසින් අඛණ්ඩව 11 වරක් ‘වසරේ ජනතා නිවාස සහ ඉදිකිරීම් සන්නාමය’ ලෙසත්, අඛණ්ඩව 2 වරක් ‘ වඩාත් ආදරය දිනූ සිමෙන්ති සන්නාමය’ ලෙසත් නම් කරනු ලැබීම අප කෙරෙහි පවතින ජනතා ප්‍රසාදය නැවතත් තහවුරු කරනවා. ඒ නිසා ම අපගේ තේමා පාඨය වන ‘ජීවිතය ගොඩනගන’ යන සංකල්පය යතාර්ථයක් කිරීම වෙනුවෙන් අපගේ කැපවීමට මෙම ඇගයීම ඉතා හොඳ උදාහරණයක් බව පැවසිය යුතු ම යි.” යනුවෙනි.

මෙරට එක ම ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති ගෝලීය වසංගත තත්ත්වය සහ වත්මන් ආර්ථික අර්බුදය යන අවස්ථා දෙකෙහි දී ම, වෙළෙඳපොළ වෙත අඛණ්ඩව සිමෙන්ති සැපයීමට කටයුතු කළේ ය. 2021 වසරේ දී මෙරට වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයක් නිර්මාණය වූ අවස්ථාවේ දී INSEE සිමෙන්ති සමාගම සතියේ දින 7 ම පැය 24 පුරා සිය උපරිම නිෂ්පාදන ධාරිතාවෙන් ක්‍රියාත්මක වෙමින්, සමස්ත දේශීය වෙළෙඳපොළ ඉල්ලුමෙන් 40%කට වැඩි ප්‍රතිශතයක් සපුරාලීමට සමත් වූ අතර, එ මගින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ මිල ගණන් ස්ථාවර කිරීමට සහ ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහයෝගය ලබා දීමට සමත් විය.

INSEE සිමෙන්ති මෙරට වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත් වීමට බලපෑ ප්‍රධානතම ලක්ෂණයක් වන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ අන්‍යෝන්‍ය සහයෝගීතාව තහවුරු කිරීම වෙනුවෙන් කැපවීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, INSEE සිමෙන්ති සමාගම වසර ගණනාවක් පුරා අධ්‍යාපනික හා නවෝත්පාදන සංස්කෘතියක් නිර්මාණය කරමින් එය පෝෂණය කිරීම වෙනුවෙන් ඉමහත් කීර්තියක් ගොඩනඟා ගෙන ඇති අතර, එය INSEE සිමෙන්ති නිෂ්පාදනවල මෙන් ම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ද ගුණාත්මක භාවය සහ කාර්ය සාධනය ඉහළ නැංවීමට සෘජුවම දායක වී ඇත. මේ සම්බන්ධයෙන් INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධානතම හඳුන්වාදීම වන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙත නව නිපැයුම් හා ප්‍රමිතීන් ප්‍රවර්ධනය සඳහා වූ විශිෂ්ටත්වයේ මධ්‍යස්ථානය වන ‘INSEE i2i සහයෝගීතා අවකාශය’ යි. මෑතක දී, INSEE සිමෙන්ති සමාගම SLS 1697 ප්‍රමිතිය තහවුරු කර ගැනීම සඳහා බහුවිධ පාර්ශවකරුවන් සමඟ අත්වැල් බැඳගනු ලැබූ අතර, එය පෝට්ලන්ඩ් කොම්පොසිට් සිමෙන්ති සඳහා වන බ්‍රිතාන්‍ය ප්‍රමිතීන්ට සමාන වේ.

ශ්‍රී ලංකාව තුළ සිමෙන්ති නිෂ්පාදනයේ හා ඉදිකිරීම්වල ගුණාත්මකභාවය මෙන් ම නවෝත්පාදන හඳුන්වා දීම සම්බන්ධයෙන් පුරෝගාමී ආයතනයක් වන INSEE සිමෙන්ති සමාගම ඒ වෙනුවෙන් පුළුල් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ආයතනයකි. ආයතනික පුරවැසියෙකු ලෙස සාමාජීය හා පාරිසරික වගකීම ඉටු කිරීම සඳහා කැපවන INSEE සිමෙන්ති සමාගම එම වැඩසටහන් මගින් 2030 වසර ඉලක්ක කරගත් සිය තිරසාර අභිලාෂයන් විධිමත් කිරීමට සමත් වී ඇත. INSEE සිමෙන්ති සමාගමේ තිරසාර වැඩසටහන් දේශගුණය, බලශක්තිය, ජෛව විවිධත්වය, ජලය සහ ආර්ථිකය යන අංශ මූලික කරගනිමින් ක්‍රියාත්මක වේ.

2030 වසර වන විට සිය තිරසාර අභිලාෂයන් සපුරා ගැනීම වෙනුවෙන් කැප වන INSEE සිමෙන්ති සමාගම 2020 වසරේ දී සිය නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් සිදුවන කාබන් විමෝචනය 15% කින් අවම කරගැනීමට කටයුතු කිරීම හරහා ‘පැරිස් දේශගුණික ගිවිසුමට’ සහය දැක්වීම ඇතුළු විවිධ සාමාජීය හා පාරිසරික ඉලක්ක සපුරාලීම වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරයි. වසංගත තත්ත්වය පැවතුණු කාල සීමාව හා ආර්ථික අර්බුදය පුරා වියළි ආහාර බෙදා දීම, වෛද්‍ය සැපයුම් හා උපකරණ පරිත්‍යාග කිරීම, සත්කාරක අවශ්‍යතාවලට අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ පරිත්‍යාග කිරීම සහ නව රෝහල් පරිශ්‍ර ඉදි කිරීම සඳහා සිමෙන්ති පරිත්‍යාග කිරීම වැනි සමාජ සත්කාරයන් සිදු කළ INSEE සිමෙන්ති සමාගම ඉන්ජිනේරු උපදේශන සේවා ලබා දීම වැනි උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් ද මෙරට වඩාත් පිළිගැනීමට හා ගෞරවයට පාත්‍ර වූ සමාගමක් බවට පත් විය.

 

Post Views: 0
Previous Post

මර්දනීය උපක්‍රමය නිවටයින්ගේ බියගුළු ක්‍රියාවක් – ජවිපෙ ටිල්වින්

Next Post

මහනුවර ආපදා අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩසටහනක්

editor

editor

Next Post

මහනුවර ආපදා අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩසටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ  සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

20 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

20 June 2025
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025

Recent News

ඊශ්‍රායලයේ  සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

20 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

20 June 2025
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ  සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

20 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved