• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

INSEE සිමෙන්ති කොවිඩ් ව්‍යසනයෙන් පීඩාවට පත් වූවන්ට සහන සලසයි

22 September 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සිමෙන්ති වෙළෙඳපොළේ ප්‍රමුඛයා වන INSEE සිමෙන්ති සමාගම තම ආයතනික වගකීම නිසියාකාරව ඉටුකරමින් කොවිඩ් -19 වසංගතයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් දියත්කළ සමාජ සත්කාරක වැඩසටහන පසුගිය මාස කිහිපය තුළ දී තව තවත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම ව්‍යාපෘතියේ නවතම වැඩසටහන මගින් කොවිඩ් රෝගීන්ට සහ එම රෝගීන් ගේ ජීවිත රැක ගැනීම වෙනුවෙන් පැය 24 පුරාම සේවයෙහි නියුතු වෛද්‍ය කණ්ඩායම්වලට විවිධ සහන සැලසීම මෙන් ම රෝහල් සඳහා වෛද්‍ය උපකරණ හා ඇඳන් පරිත්‍යාග කිරීම, රෝහල් ඉදි කිරීම හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය සිමෙන්ති ලබා දීම සහ පළාත් පාලන ආයතනවලට හා මධ්‍යම රජය වෙත මුහුණු ආවරණ හා දෑත් පිරිසිදු කිරීමේ විෂබීජ නාශක ද්‍රව්‍ය (Hand – Sanitizer) පරිත්‍යාග කිරීම සිදුකෙරිණි.

මෙම වැඩසටහන පිළිබඳව INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවරෝ මහතා තම අදහස් දැක්වූයේ මේ අයුරිණි. ” රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ අවධානය යොමුකිරීමේ දී කොවිඩ් වයිරසයේ ඩෙල්ටා ප්‍රබේදය පැතිරීම වැඩිවීමත් සමඟ ම සැලකියයුතු අභියෝගාත්මක කාල වකවානුවකට මුහුණ දීමට අපි සියලුම දෙනාට සිදුවෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිමෙන්ති වෙළෙඳපොළ තුළ ප්‍රමුඛයා වගේ ම එකම ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා විදියට, පීඩාවට පත්වෙලා සිටින ජනතාවට සහනයක් ලබාදීම පිළිබඳව අපි අවධානය යොමු කළා. අපි නියැළිලා සිටින නිෂ්පාදන ක්ෂේත්‍රයත් සමග කොවිඩ් රෝගීන්ට පහසුකම් සැලසීම සඳහා සිදුකෙරෙන නව ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය සිමෙන්ති පරිත්‍යාග කිරීම මෙහි දී ඉතා පහසුවෙන් සිදුකළ හැක්කක් බව අපට අවබෝධ වුණා. මෙහි දී අපට රෝහල් ගණනාවක නව කොවිඩ් වාට්ටු ඉදිකිරීම සඳහා සහයෝගය දැක්වීමට හැකි වීම මහත් ආඩම්බරයක්. ඒ වගේම රෝහල්වලට සහ රජයට අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ සහ පරිභෝජන භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහාත් අපි කටයුතු කළා. 2020 වසරේ දී ආරම්භ කළ මෙම වැඩසටහන මගින් කොවිඩ් ව්‍යසනයට එරෙහි ජාතික සටනට හැකි උපරිම අයුරින් සහයෝගය දැක්වීමට අපි ඉදිරියේ දී ත් උපරිමයෙන් කැප වෙනවා. ”

INSEE සමාගමේ මෙම සුවිශේෂී සමාජ සත්කාරක වැඩසටහන මගින්, කොවිඩ් රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ ප්‍රථිකාර කටයුතු කළමනාකරණය සඳහා ඉතා වැදගත් වන ඔක්සිජන් පොම්ප කිහිපයක් රෝහල් වෙත පරිත්‍යාග කෙරුණු අතර, සමාගමේ ප්‍රධානතම නිෂ්පාදනාගාරයක් පිහිටා ඇති පුත්තලම කලාපය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් දියත් කෙරෙන දිගු කාලීන සැලැස්මේ කොටසක් ලෙස පුත්තලම මූලික රෝහලේ කොවිඩ් වාට්ටුවට ඇඳන් 50 ක් ලබා දීමට ද කටයුතු කෙරිණි.

තව ද, දින 10 ක් ඇතුළත ඇඳන් 150 ක වාට්ටුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා මහනුවර ජාතික රෝහලට මෙන් ම රාගම වැලිසර ශ්වසන රෝග සඳහා වූ ජාතික රෝහල දකුණු කොළඹ ශික්ෂණ රෝහල සහ දිවුලපිටිය මූලික රෝහල වෙත ද සංස්ථා සිමෙන්ති පරිත්‍යාග කෙරිණි. එමෙන් ම INSEE සිමෙන්ති සමාගම විසින් මුහුණු ආවරණ 35,000 ක් සහ දෑත් පිරිසිදු කිරීමේ විෂබීජ නාශක ද්‍රව්‍ය (Hand – Sanitizer) බෝතල් 1000 ක් පළාත් පාලන ආයතන සඳහා පරිත්‍යාග කිරීමට පියවර ගනු ලැබූ අතර, මුහුණු ආවරණ 15,000 ක් සහ දෑත් පිරිසිදු කිරීමේ විෂබීජ නාශක ද්‍රව්‍ය (Hand – Sanitizer) බෝතල් 250 ක් මධ්‍යම රජය වෙත පරිත්‍යාග කිරීමට ද පියවර ගෙන තිබේ.

INSEE සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති (විකුණුම්, අලෙවිකරණ සහ නවෝත්පාදන) යාන් කුනිග් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ජීවිතය ගොඩනගන” තේමාව යටතේ ක්‍රියාත්මක වන වගකිව යුතු ආයතනික පුරවැසියෙකු විදියට INSEE සිමෙන්ති සමාගම අඛණ්ඩව සමාජ හා පාරිසරික සංවර්‍ධන, සංරක්‍ෂණ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන් රාශියක් දියත් කරනවා. ශ්‍රී ලාංකික ජනතාවගේ ජනජීවිතය නගා සිටුවීමට වගේ ම රටේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමට අප සමාගම නිරන්තරයෙන් කැප වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සිමෙන්ති කර්මාන්තයේ ප්‍රමිතීන් වැඩිදියුණු කරමින් එහි සමස්ත නිෂ්පාදන පරාසයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා INSEE සිමෙන්ති සමාගම සක්‍රීය ලෙස සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා.”

INSEE සිමෙන්ති නොහොත් සියම් සිටි සිමෙන්ති (ලංකා) ලිමිටඩ් සමාගම 1969 දී තායිලන්තයේ ආරම්භ කරන ලද අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයෙකු වන Siam City Cement Public Company Limited හි සාමාජිකයෙකි. එමෙන් ම INSEE සමාගම විසින් සංස්ථා, මහවැලි මෙරීන්, මහවැලි මෙරීන් ප්ලස්, INSEE Rapid Flow, INSEE Rapid Flow Plus සහ INSEE Extra cement යන නිෂ්පාදන INSEE සන්නාමය යටතේ මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙනු ලබයි. ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBSL) වෙතින් ‘හරිත සහතිකය’ හිමිකරගත් ප්‍රථම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ එකම පූර්ණ සිමෙන්ති නිෂ්පාදකයා වන අතර ජාත්‍යන්තර LMD සඟරාව මගින් වඩාත් ගෞරවණීය ආයතනයක් ලෙස ශ්‍රේණිගත කර ඇති සමාගමකි.

 

Post Views: 1
Previous Post

දවුලගල ඉවත් කිරීම ගැන වැහි නැති හෙණ වදින ගජබින්න කියනවා – මහ බැංකුවේ පුවත්පත් නිවේදනයට රෝහිණී කවිරත්න පිළිතුරු 

Next Post

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ජනාධිපති ගෝඨාභය අමතයි

editor

editor

Next Post

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ජනාධිපති ගෝඨාභය අමතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved