• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සහ වර්ධනය තහවුරු කිරීමට මූලිකත්වය ගනී

7 January 2022
in ව්‍යාපාර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE සිමෙන්ති, ඉදිකිරීම් සමාගම් වලට සහ කොන්ත්‍රාත්කරුවන්ට අත්වැලක් වීම සඳහා නව අගය එකතු කළ සේවාවන් රැසක් මේ වනවිට හඳුන්වා දී තිබේ.

COVID-19 රෝග වසංගත රෝග ව්‍යාප්තිය නිසා අර්බුදයට ලක් වූ ව්‍යාපාර කටයුතු නැවත නගාසිටුවීමට මෙම පාර්ශ්වයන්ට අත්වැලක් වීම මෙහි අරමුණ වී ඇත.

“අපගේ දූරදර්ශී දැක්ම නිසා, අපගේ පාරිභෝගිකයන්ට බෙහෙවින් වැදගත් වන නව්‍ය හා තිරසාර නිෂ්පාදන හා විසඳුම් රාශියක් එළිදැක්වීමට අපට හැකි වූවා. දැන් මෙම කර්මාන්තය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අතරතුර, ප්‍රතිසාධන ක්‍රියාවලිය වේගවත් කළ හැකි ක්‍රම කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. අපගේ පළපුරුද්ද උපයෝගී කරගනිමින්, වසංගත රෝග ව්‍යාප්තිය අතරතුරදී මෙම කර්මාන්තයෙන් ගිලිහී ගිය ගම්‍යතාව සහ විශ්වාසය නැවත ඇතිකර ගැනීම සඳහා අප සමග එක්ව කටයුතු කරන ලෙස අපගේ පාර්ශ්වකරුවන් සියලුම දෙනාට අප ආරාධනා කර සිටිනවා.” INSEE සිමෙන්ති සමාගමේ නිෂ්පාදන හා විසඳුම් ප්‍රධානී ආචාර්ය මූසා බාල්බකි මහතා පැවසී ය.

විවෘත සහයෝගීත්වය සහ දැනුම හුවමාරු කරගැනීමේ වැදගත්කම කවදත් අවධාරණය කරන INSEE සිමෙන්ති සමාගම ‘INSEE i2i Innovation to Industry Collaboration Space’ වැඩසටහන දියත් කිරීමට මීට පෙර කටයුතු කළේ ය. ක්ෂේත්‍රයේ සාමාජිකයන් අතර සහයෝගීත්වය වර්ධනය කරන අති-නවීන මධ්‍යස්ථානයක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. පොදු වටිනාකම් මත පදනම් වෙමින්, සහයෝගීත්වයෙන් යුතුව, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා නවෝත්පාදන සහ කාර්යක්ෂම, තිරසාර විසඳුම් හඳුන්වා දීම මෙම මධ්‍යස්ථානයේ මූලික අරමුණ වී ඇත.

පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති i2i Collaboration Space මධ්‍යස්ථානය, ඉංජිනේරුවන්, පර්යේෂකයන්, නවෝත්පාදකයන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉදිකිරීම් සමාගම්, සහ කොන්ත්‍රාත්කරුවන් ආදීන් මෙන්ම, ඉදිකිරීම් කර්මාන්තයේ දියුණුවට මගපාදන නව සොයාගැනීම් සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති තරගකාරී සමාගම් වෙනුවෙන්ද විවෘත වේ. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයට මුල්ම වරට හඳුන්වා දුන් පරීක්ෂණ 15 ක් ඇතුළුව පරීක්ෂණ හා මිනුම් මෙවලම් 50 කට වැඩි සංඛ්‍යාවක් මෙම මධ්‍යස්ථානය තුළදී භාවිතා කළ හැකි ය.

එමෙන්ම මෙම මධ්‍යස්ථානය, කොන්ත්‍රාත්කරුවන් සහ ඉදිකිරීම් සමාගම් වලට තම ව්‍යාපෘති වලදී පිරිවැය මෙන්ම ව්‍යුහාත්මක හා කාර්යසාධන ක්‍රියාපටිපාටි අකුරටම පිළිපැදීමට අවශ්‍ය මගපෙන්වීම ලබාදෙයි.

කොන්ක්‍රීට් මිශ්‍රණයන් ප්‍රශස්තිකරණය සම්බන්ධයෙන් ගත් විට, විවිධාකාර වූ කොන්ක්‍රීට් මිශ්‍රණ සැලසුම් සම්බන්ධ පරාමිති ගණනාවක් ඇගයීම සඳහා සමාකරණය, උසස් තාක්‍ෂණය, පරීක්ෂණ උපකරණ සහ ප්‍රවීණත්වය උපයෝගී කරගනිමින් පුළුල් විසඳුම් ලබා දීමට INSEE i2i මධ්‍යස්ථානයට හැකියාව ඇත. එමගින් ව්‍යාපෘතියක මූලික අවධියේදී මිශ්‍රණ සැලසුම් ඇගයීම් මෙන්ම, ඉදිකිරීම් ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ කොන්ත්‍රාත්කරුවන් යනාදීන්ට තම අවශ්‍යතා සපුරාලන ආකාරයේ මිශ්‍රණ නිර්මාණය කරගැනීම සඳහා උපදෙස් ලබා දීම සිදුකෙරේ.

එමෙන්ම INSEE හි i2i විශේෂඥ උපදේශක කණ්ඩායම, ආකෘති සැලසුම් කිරීම, පරීක්‍ෂණ සිදුකිරීම සහ ප්‍රතිඵල ඇගයීම මත පදනම්ව, කාර්යසාධනය සහ පිරිවැය ප්‍රශස්තකරණය අතර පරිපූර්ණ සමතුලිතතාවක් ඇති කරමින්, ඉදිකිරීම් ව්‍යාපෘති තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරයි.

INSEE හි i2i වෙළඳ ලකුණු හිමි INSEE ConTemp™ තාප ආකෘතිකරණ සමාකරණ මෘදුකාංගය, මිශ්‍ර කිරීමට පෙර මහා පරිමාණ ව්‍යාපෘති වල තාප ආකෘති නිර්මාණය කරයි. මෙමගින් කොන්ත්‍රාත්කරුවන්ට කල්තබා නිවැරදි තීරණ ගැනීමට හැකිවන නිසා මුදල් මෙන්ම කාලයද ඉතිරි වේ. එමෙන්ම මෙහිදී කොන්ත්‍රාත්කරුවන් සහ ඉදිකිරීම් සමාගම් වෙනුවෙන්, මූලික තාක්‍ෂණික අංගයන්හි සිට, සකස් කළ කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම් සැලසුම් පුහුණුව දක්වා විවිධ මාතෘකා ආවරණය කරන වැඩමුළු පෞද්ගලික මට්ටමින් සංවිධානය කරනු ලැබේ.

තවද INSEE සමාගම වායු විමෝචන මට්ටම් සහ කර්මාන්තයේ සමස්ත කාබන් පිය සටහන අවම කිරීම සඳහා සිදුකර ඇති ආයෝජනයන් හා උත්සාහයන් කර්මාන්තයේ අනෙකුත් පාර්ශ්වකරුවන්ටද ප්‍රතිලාභ සලසනු ඇත. අක්කර ගණනාවක කැණීම් නිධි ප්‍රතිස්ථාපනය කිරීමේ සිට, මේ වනවිට වෙළඳපොළේ ඇති වඩාත්ම පරිසර හිතකාමී මිශ්‍රිත සංයෝග සිමෙන්ති වර්ගය නිෂ්පාදන කිරීම දක්වා, INSEE සමාගමේ උත්සාහයන් නිසා ඉදිකිරීම් කරුවන්ට අඩු කාබන් පියසටහනක් සමගින් තිරසාර ලෙස තම ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අවස්ථාව ලැබී තිබේ.

COVID-19 රෝග ව්‍යාප්තිය නිසා ඇති වූ අභියෝග ඉක්මනින් ජයගනිමින්, තම කාර්ය සම්පාදන, බෙදාහැරීම් හා සැපයුම් ජාලයන් ඉක්මනින්ම නව තත්ත්වයන්ට අනුගත කරවීමට INSEE සමාගම කටයුතු කළේ ය. එමෙන්ම පර්යේෂණ, නවෝත්පාදන සහ නිෂ්පාදන සංවර්ධන කටයුතු සඳහා දූරදර්ශී ආයෝජනයන් සිදුකරමින්, වඩාත් පිරිමැසුම්දායක, පරිසර හිතකාමී හා තිරසාර නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමටද සමාගමට හැකියාව ලැබිණි. සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිෂ්පාදන වල ප්‍රමිතිය නොවෙනස් ව පවත්වා ගැනීම සඳහා සමාගම කවදත් දැඩි අවධානයක් යොමු කළ අතර, මේ සියලු උත්සාහයන් ඔස්සේ සමස්තයක් ලෙස මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම සඳහා INSEE සමාගම කටයුතු කරමින් සිටී.

2020 වසර තුළදී ඉහළම මාසික විකුණුම් මට්ටම් වාර්තා කිරීමට සමාගමට හැකියාව ලැබීම, දේශීය වෙළඳපොළ සම්බන්ධයෙන් INSEE සමාගම සතු දැනුමට සහ, ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්වකරුවන්ට වටිනාකම් එක්කරන නිෂ්පාදන හා විසඳුම් නිර්මාණය කිරීමට එය සතු හැකියාවට මනා සාක්ෂියක් වේ.

 

 

 

 

පිටපත – PR 

Post Views: 8
Previous Post

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සැමරුම් උළෙල ලබන 21 වන දා

Next Post

ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිදට හා දරුවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලක්ෂ 25ක් ලබා දෙයි

editor

editor

Next Post

ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිදට හා දරුවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලක්ෂ 25ක් ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved