• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සමඟ INSEE තවදුරටත් පරිසරය වෙනුවෙන් කැපවෙයි

4 October 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ එකම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම විසින් තම පරිසර ආරක්‍ෂණ වැඩසටහන් මාලාව අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන අතර, එම ව්‍යාපෘතියට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාරු, සේරක්කුලිය කලපුව ආශ්‍රිතව හෙක්ටයාර 1 ක ස්වාභාවික කඩොලාන වනාන්තරයක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කෙරිණි.

කොග්ගල ගඟේ තලාතුඩුව සහ කුරුලු දූව යන දූපත් ආශ්‍රිතව සිදු කෙරෙමින් පවතින ‘INSEE කඩොලාන ප්‍රතිසංස්කරණ’ ව්‍යාපෘතියෙහි නවතම වැඩසටහන ලෙස අරුවක්කාරු හි කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, එහි මූලික අදියරේ දී වසරක කාලයක් තුළ කඩොලාන පැළ 1500 ත් 2,000 ත් අතර ප්‍රමාණයක් අලුතින් සිටුවීම ඇතුළු අනෙකුත් පාරිසරික සංරක්‍ෂණ කටයුතු සිදු කිරීමට නියමිත ය.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ සංවිධාන හා මානව සම්පත් අධ්‍යක්‍ෂ චන්දන විජයනාම මහතා මෙසේ පැවසුවේය.

“INSEE සිමෙන්ති සමාගම, කාබන් විමෝචනය සහ දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් රාශියක් දියත් කරනවා. මෙහි දී අපි සුවිශේෂී ක්ෂේත්‍ර රාශියක් ආවරණය කරමින් පුළුල් සංරක්‍ෂණ සහ ප්‍රතිස්ථාපන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පැවසිය යුතුමයි. ‘අරුවක්කාරු කඩොලාන ප්‍රතිසංස්කරණ වැඩසටහන INSEE සිමෙන්ති සමාගම මගින් ක්‍රියාත්මක කරන පරිසර ආරක්ෂණ ව්‍යාපෘතියේ ‘ජලය සහ ජෛව විවිධත්වය’ කියන කාණ්ඩය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනක්. කලපු තුළ පාරිසරික වාසස්ථාන වැඩිදියුණු කිරීම තුළින් මත්ස්‍ය සම්පත වැඩිදියුණු කිරීම, ජල තරංග වලින් ආරක්‍ෂාවීමේ හැකියාව වර්ධනය කිරීම මගින් කඩොලාන ප්‍රතිසංස්කරණය කිරීම ආදී ප්‍රථිලාභ රැසක් මෙම වැඩසටහන් මගින් පාරිසරික පද්ධතිවලට ලැබෙන බව පැවසිය යුතුමයි. අපි ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති නිෂ්පාදකයා විදියට ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කරගැනීමට උනන්දුවන ආකාරයට ම, මේ රටේ ස්වාභාවික සම්පත් සහ ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම සඳහාත් උපරිමයෙන් කැප වෙනවා. නිසා මෙම සුවිශේෂී වැඩසටහන සාර්ථකව දියත් කිරීමට හැකිවීම ගැන අපි සියලුම දෙනා ආඩම්බර වෙනවා. ඒ වගේම ඉදිරියේ දී මෙම වැඩසටහන තවත් පුළුල් විදියට පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා.”

INSEE සිමෙන්ති සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන පරිසර ආරක්ෂණ ව්‍යාපෘති මගින් ගල්කොරි, කඩොලාන, වැසි වනාන්තර සහ කොරල් පර යන පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය, සංරක්‍ෂණය සහ පුනරුත්ථාපනය කෙරෙහි විශේෂ අවධානය යොමු කරයි. INSEE සිමෙන්ති සමාගම 1999 වසරේ සිට ක්‍රියාත්මක කරන මෙම කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අමතරව, 2018 වසරේ සිට IUCN ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් ‘ආධාරක පාරිසරික ප්‍රතිජනන වැඩසටහනක්’ ද අඛණ්ඩව පවත්වාගෙන එයි. වර්තමාන ගෝලීය වසංගත තත්ත්වය මධ්‍යයේ වුව ද මෙම වැඩසටහන් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින අතර, ඒ අනුව වනාන්තර තුළ පැල 15,000 ක් සිටුවීමට මෙන් ම එම වනාන්තර තුළ ලැව් ගිනි ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා ස්ථානීය තවානක් ආරම්භ කිරීම මගින් ගිනි ආරක්‍ෂක පටලයක් ස්ථාපිත කිරීමට ද INSEE සිමෙන්ති සමාගම කටයුතු කර ඇත.

වර්තමානයේ දී සාගර කලාපයන් මුහුණ පා ඇති පාරිසරික බලපෑම් කෙරෙහි සංවේදී වෙමින් INSEE සිමෙන්ති සමාගම උණවටුන කොරල් පර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇති අතර, එහි දී කොරල් නිධිය ශක්තිමත් කිරීමට සහ ව්‍යාප්තිය වර්ධනය කිරීම සඳහා කෘත්‍රීම ව්‍යුහයන් හඳුන්වා දී තිබේ. 2009 දී ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය නිසා අවම වශයෙන් නව කොරල් ජනපද 25 ක් පමණ ස්වාභාවික ලෙස ස්ථාපිත කිරීමට හැකි වී ඇති බව පැවසුවහොත් එය නිවැරදි ය. මෙම ව්‍යාපෘති සඳහා INSEE සිමෙන්ති සමාගම ලාභ නොලබන සංවිධාන, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මෙන් ම අධ්‍යාපනික ආයතන රැසක් සමග අත්වැල් බැඳගනිමින් කටයුතු කරන අතර මෙම ව්‍යාපෘතිවල සාර්ථකත්වයට එම සහයෝගීතාවන් මහත් ශක්තියක් වී ඇති බව අවධාරණය කළ යුතුම ය. මෙම ආයතන සහ කණ්ඩායම් අතරට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංවිධානය, රොටරැක්ට් සමාජය, මොරටුව විශ්ව විද්‍යාලය, හබරාදූව කාර්මික විද්‍යාලය, IUCN ආයතනය මෙන් ම මෙරට පරිසරවේදීහු සහ ස්වේච්ඡා සේවකයෝ ද ඇතුළත් වෙති.

INSEE සිමෙන්ති නොහොත් සියම් සිටි සිමෙන්ති (ලංකා) ලිමිටඩ් සමාගම 1969 දී තායිලන්තයේ ආරම්භ කරන ලද අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයෙකු වන Siam City Cement Public Company Limited හි සාමාජිකයෙකි. එමෙන් ම INSEE සමාගම විසින් සංස්ථා, මහවැලි මෙරීන්, මහවැලි මෙරීන් ප්ලස්, INSEE Rapid Flow, INSEE Rapid Flow Plus සහ INSEE Extra cement යන නිෂ්පාදන INSEE සන්නාමය යටතේ මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙනු ලබයි. ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBSL) වෙතින් ‘හරිත සහතිකය’ හිමිකරගත් ප්‍රථම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ එකම පූර්ණ සිමෙන්ති නිෂ්පාදකයා ද වේ.

 

 

 

පිටපත – PR

 

Post Views: 1
Previous Post

වාහන රියදුරු බලපත්‍රහිමියන්ට සහනයක් -ඇමැතිනි පවිත්‍රා

Next Post

පළමු වන්දනාකරුවන්ගේ ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් එවි කියා බලාපොරොත්තු වෙයි  – ඉන්දීය විදේශ ලේකම් අගමැතිට කියයි

editor

editor

Next Post

පළමු වන්දනාකරුවන්ගේ ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් එවි කියා බලාපොරොත්තු වෙයි  - ඉන්දීය විදේශ ලේකම් අගමැතිට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved