ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්රය විධිමත් කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන INSEE Ecocycle, Godrej Household Products Lanka (Pvt) Ltd සමඟ අත්වැල් බැඳ ගනිමින්, හානියට පත් සහ කල් ඉකුත් වූ Godrej නිෂ්පාදන ප්‍රතිචක්‍රීකරණය කරමින් කාර්යක්ෂම සහ පරිසර හිතකාමී විසඳුම් හඳුන්වා දීමට කටයුතු කරයි.
මෙම සුවිශේෂී ක්‍රියාවලිය මගින්, පාරිභෝගික භාණ්ඩ (FMCG) ආශ්‍රිතව නිර්මාණය වන අපද්‍රව්‍ය කසළ බිම් පිරවීම් කරා ළඟා වන ප්‍රමාණය අවම කිරීම හරහා ශ්‍රී ලංකාව පරිසර හිතකාමී අනාගතයක් කරා ගෙන යාම සමාගම් දෙකේ අරමුණයි.
ගෘහ රැකවරණය, හිසකෙස් රැකවරණය සහ පෞද්ගලික රැකවරණය පිළිබඳ දශක දෙකකට ආසන්න කාල වකවානුවක් පුරා මෙරට ජනතාව වෙත සේවා සපයන විශේෂඥ සමාගමක් මෙන් ම ශීඝ්‍රයෙන් වර්ධනය වන FMCG සමාගමක් වන Godrej, දශක දෙකකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ සේවා සපයන අතර, එම සමාගම සිය දීප ව්‍යාප්ත බෙදාහැරීමේ නියෝජිතයින් සහ අලෙවිසැල් මගින් නැවත සමාගම වෙත යොමු කෙරෙන හානියට පත් සහ කල් ඉකුත් වූ නිෂ්පාදන ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා මෙරට අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්රයේ පුරෝගාමියෙකු වන INSEE Ecocycle සමඟ අත්වැල් බැඳ ගැනීම සිදු කෙරිණි.
INSEE Ecocycle හි සාමාන්‍යාධිකාරී සුජිත් ගුණවර්ධන මහතා මෙම සහයෝගීතාව පිළිබඳ ව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ” අප අපගේ ලාභයට වඩා ආයතනික වගකීම් නිසියාකාරව ඉටු කිරීම පිළිබඳ ව අවධානය යොමු කළ යුතුයි. නිසි පරිදි අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම වගේ ම, අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ නව ක්‍රමවේද නිර්මාණය කරමින් ඒවා ක්‍රියාත්මක කිරීම තුළින්, අපගේ රට හරිත අනාගතයක් කරා ගෙන යාම සියලු ම ආයතනික පුරවැසියන්ගේ වගකීමක් විදියට මා සලකනවා. තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් අනුගමනය කිරීම කෙරෙහි Godrej සමාගමේ අවධානය යොමු වීම ඇත්ත වශයෙන් ම ඇගයිය යුතු යි. මේ තුළින් සිය ආයතනික වගකීම් නිසි ලෙස ඉටු කරමින්, පරිසර හිතකාමී අනාගතයක් ගොඩනැංවීමට Godrej හි කැප වීම පිළිබිඹු කරනවා.” යනුවෙනි.
INSEE Ecocycle සමඟ Godrej ගොඩනඟා ගත් මෙම සහයෝගීතාව හරහා සන්නාම ආරක්ෂණයට මුල් තැන් ලබා දීම සඳහා සාම්ප්‍රදායික අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදවලින් ඔබ්බට යමින්, ගුණාත්මක බවින් ඉහළ අපද්‍රව්‍ය කළමනාකරණයක් සහතික කිරීමට කටයුතු කරන අතර, එම ක්‍රියාවලියේ සෑම පියවරක් ම INSEE Ecocycle සහ Godrej සාමූහික පාරිසරික වගකීම් සමග ඒකාබද්ධ වන බව සහතික කරයි.
මෙම සහයෝගීතාව පිළිබඳ ව අදහස් දක්වමින් Godrej Sri Lanka හි ප්‍රධානී දිලීප ග්‍රෙගරි මහතා පැවසුවේ මෙවන් අදහසකි. “Godrej අපි විශ්වාස කරන්නේ ජාතික ක්‍රියාවලීන්ට අනුගත වීම අවශ්‍යතාවක් වගේ ම සදාචාරාත්මක ව්‍යාපාරික භාවිතයක් බවයි. අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්රය පිළිබඳ විශේෂඥභාවයක් සහිත INSEE Ecocycle සමඟ එක් වීම සන්නාම ආරක්ෂණය සඳහා කැපවෙමින්, කසළ කළමනාකරණය සඳහා වගකිවයුතු වගේ ම පරිසර හිතකාමී ක්‍රමවේදවලට යොමු වීමේ හැකියාව අපට ලබා දෙනවා.”
තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් අනුගමනය කිරීම පිළිබඳ මෙරට ආයතනික ක්ෂේත්රය තුළ වර්ධනය වන ප්රවණතාවට ගුණාත්මක මෙන් ම ප්‍රමිතිගත සහයෝගයක් ලබා දෙන INSEE Ecocycle ශ්‍රී ලංකාවේ FMCG සහ e-commerce යන ක්ෂේත්රවල සිට පශු සම්පත් ක්ෂේත්රය දක්වා සිය තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් ප්‍රචලිත කිරීම පුළුල් කර ඇත.
PR