• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

INSEE, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

1 December 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE සිමෙන්ති, හම්බන්තොට වරාය හරහා ගාල්ලේ පිහිටි තම කර්මාන්ත ශාලාව වෙත අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ කාර්යක්ෂමතාව සහතික කිරීම වෙනුවෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබූ අතර, එමගින් සමාගමේ මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාවෙහි ධනාත්මක වර්ධනයක් අපේක්ෂා කරයි.

මේ වෙනුවෙන් හම්බන්තොට සාමුද්‍රීය මධ්‍යස්ථානයේ පැවැත්වුණු උත්සවයේ දී INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවරෝ සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන්සන් ලියූ යන මහත්වරුන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

මෙහි දී අදහස් දැක්වූ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන්සන් ලියූ මහතා ප්‍රකාශ කළේ INSEE සමඟ ඇති කරගත් මෙම සුවිශේෂී සහයෝගීතාව නිසා දෙපාර්ශවයටම අන්‍යෝන්‍ය වශයෙන් විශාල වාසියක් අත් වන බවයි. “INSEE සිමෙන්ති කියන්නෙ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) වියළි තොග භාණ්ඩ ආශ්‍රිත පළමු පාරිභෝගිකයා යි. ඒ වගේ ම එම සමාගම අප කෙරෙහි තැබූ විශ්වාසය අපි බෙහෙවින් අගය කරනවා. අපි 2018 ඉඳල ඔවුන් සමඟ වැඩ කරනවා. වියළි තොග භාණ්ඩ හැසිරවීමේ දී අපගේ ඵලදායිතාව විශාල ලෙස ඉහළ නැංවෙනවා කිව්වොත් මම නිවැරදියි. ඒ නිසා ම අප සමාගම් දෙකේ සහයෝගීතාවෙහි තිබෙන වටිනාකම් හඳුනා ගනිමින්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ගෙන දෙන ජයග්‍රාහී ගිවිසුමකට එළඹීමෙන් එම සහයෝගීතාව තව තවත් ශක්තිමත් කිරීම සඳහා අපි කටයුතු කළා කිව්වොත් මම නිවැරදි යි.”

එමෙන් ම 2021 වසරේ දී හම්බන්තොට ජාත්‍යන්තර වරාය වියළි තොග මෙට්‍රික් ටොන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් හැසිරවීමට සමත් වී ඇති අතර, එය එම වරාය ඉතිහාසය තුළ තනි පාරිභෝගිකයෙකු යටතේ මෙට්‍රික් ටොන් මිලියනය ඉක්මවමින් වියළි තොග හැසිරවූ පළමු අවස්ථාව බව ප්‍රධාන විධායක නිලධාරීවරයා තව දුරටත් අදහස් දක්වමින් පැවසීය.

INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුෂ්ටාවෝ නවරෝ මහතා පැවසුවේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමඟ වැඩ කිරීමට ලැබීම තම සමාගමට විශාල ශක්තියක් බවයි. “අපගේ පෙර මෙහෙයුම් කටයුතුවලදී බලපැවැත්වුණු විවිධ සීමාවන් හේතුවෙන් විශාල පරිමාවක් සහිත යාත්‍රා ගෙන ඒමට අපට හැකියාවක් තිබුණේ නැහැ. හම්බන්තොට ජාත්‍යන්තර වරාය විශිෂ්ට ව්‍යාපාරික හවුල්කරුවෙකු විදියට, අපගේ අමුද්‍රව්‍ය කාර්යක්ෂමව සහ කාලෝචිත විදියට බෙදා හැරීම සඳහා නිර්මාණාත්මක විසඳුම් කිහිපයක් ඉදිරිපත් කරල තිබෙනවා. අපගේ ක්‍රියාකාරිත්වයට එය ධනාත්මක බලපෑමක් ඇති කළා. එයින් අපගේ සමාගමට වගේ ම, විදේශ යාත්‍රාවලට ගෙවන ලද භාණ්ඩ ප්‍රවාහන ගාස්තු අඩු වීමෙන් විශාල ඩොලර් ඉතිරියක් සිදු වීම නිසා දේශීය ආර්ථිකයටත් ප්‍රතිලාභ රැසක් ලබා දෙනවා කිව්වොත් මම නිවැරදියි.”

INSEE සිමෙන්ති සමාගමේ ප්‍රසම්පාදන හා සැපයුම් අධ්‍යක්ෂ තුසිත් ගුණවර්ණසූරිය මහතා සඳහන් කළේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමග ඇතිකරගත් ගිවිසුම නිසා තම අමුද්‍රව්‍ය ප්‍රවාහනයට විශාල යාත්‍රා භාවිත කිරීමේ හැකියාව ලැබෙන බවයි. “ හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි සහයෝගය නිසා අපගේ නිෂ්පාදනය ඉහළ නංවාගැනීමට උපකාරී වෙනවා. මෙය INSEE සමාගමට වගේ ම මේ රටේ පාරිභෝගික ජනතාවටත් විශාල පහසුවක්.”

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) සාමාන්‍යාධිකාරී (වාණිජ සහ අලෙවිකරණ) ලාන්ස් සුඕ මහතා පැවසුවේ වරායෙහි වියළි තොග භාණ්ඩ අංශය සංවර්ධනය කිරීම සඳහා INSEE සිමෙන්ති සමාගම මහඟු සහයක් ලබා දුන් බවත්, එම අංශයේ දූවිලි තත්ත්වය පාලනය කිරීමේ යාන්ත්‍රණයක් ගෙන එමින්, එහි පරිසර හිතකාමී බව සහ ඵලදායීතාව වර්ධනය කිරීමට කටයුතු කළ බවත් ය. ” අපගේ ලොජිස්ටික්ස් සේවාවන් සපයන්නන් සහ වරාය අතර ඉහළ මට්ටමේ සන්නිවේදනයක් ගොඩනගා ගනිමින් වගේ ම අපගේ බාහිර කොන්ත්‍රාත්කරුවන් සහ ක්‍රියාකාරී කාර්යමණ්ඩලය මගින් දැවැන්ත සහයෝගයක් සහ කාර්යක්ෂම සැලසුම්කරණයක් ලබා දෙමින් INSEE සමාගමේ මෙහෙයුම් සාර්ථක කරගැනීමට අපි ඉතා හොඳ සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේ ම අපි ඉදිරියේදීත් එම සහයෝගය ඒ ආකාරයෙන් ම ලබා දෙනවා.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

INSEE සමඟ අත්සන් කළ නව ගිවිසුම හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි සංවර්ධනය සඳහා ද ඉතා හොඳ අඩිතාලමකි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය ලොව පුරා සිදුවන සියලුම CMPort මෙහෙයුම්වල මූලික කොටස්කරුවෙකු වන අතර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අඛණ්ඩ පුහුණුව සහ පරීක්ෂාවන් සිදු කරමින් වේගයෙන් වර්ධනය වන පූර්ණ ක්‍රියාකාරී බහුකාර්ය වරායකි.

පිටපත – PR

Post Views: 1
Previous Post

“තිසාරා ආට්ස් සෙන්ටර්” නව ප්‍රදර්ශනාගාරය අගමැතිගේ සුරතින් විවෘත වෙයි

Next Post

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නැවතත් කෝප් කමිටුව හමුවට

editor

editor

Next Post

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නැවතත් කෝප් කමිටුව හමුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved