නගරබද ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන ඇතැම් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා නැඹුරු වීමේ දැඩි ප්‍රවණතාවයක් පවතින බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අනාවරණය කරයි. විශේෂයෙන්ම මෙම සිසුන් අතර ‘අයිස්’ (Crystal Meth) වැනි විෂ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යමින් පවතින බව එම කාර්යාංශයේ අධ්‍යක්ෂ අශෝක ධර්මසේන මහතා අවධාරණය කළේය.
අද (28) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර, හෙට (මාර්තු 01) සිට ආරම්භ වන ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ක්‍රියාත්මක විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය පිළිබඳව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. ජාත්‍යන්තර පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් සිදුවන මෙම ව්‍යසනය පාලනය කිරීම සඳහා දෙමාපියන් සහ ගුරුවරුන් වඩාත් අවධානයෙන් පසුවිය යුතු බව පොලිසිය වැඩිදුරටත් දන්වා සිටියි.
ඉදිරි සතිය පුරා දිවයින පුරා ක්‍රියාත්මක වන මෙම නිවාරණ වැඩපිළිවෙළ හරහා පාසල් දරුවන් සහ තරුණ පිරිස් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදා ගැනීමට විශේෂ මෙහෙයුම් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් සැලසුම් කර තිබේ.














