• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආයෝජන සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ට කොළඹ වරාය නගරයෙන් ආරාධනා

20 May 2024
in දේශීය, පුවත්, ව්‍යාපාර
ආයෝජන සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ට කොළඹ වරාය නගරයෙන් ආරාධනා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ මීළඟ ගෝලීය ආයෝජන ගමනාන්තය බවට පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබෙන කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය, ශක්තිමත් ආයෝජක යාන්ත්‍රණයක් ඔස්සේ විවිධ සමාගම්වලට තම ව්‍යාපාර සංවර්ධනයට අවස්ථාව සලසා දී තිබේ.
කොළඹ වරාය නගරය අනාගත ශ්‍රි ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය මෙන්ම ආයතනික සබඳතා සඳහා ලෝක මට්ටමේ මධ්‍යස්ථනයක් බවට පත්කරගැනීමේ මූලික අරමුණ පෙරදැරිව, සාම්ප්‍රදායික නිෂ්පාදන සහ සංචාරක ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කරමින්, සේවා අපනයනය සඳහා යොමු වූ සමකාලීන පද්ධතියක් දක්වා ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රතිනිර්මාණය කිරීම මේ ඔස්සේ සිදු කෙරේ. ඒ හරහා විදෙස් මුදල් ඒකක දහසයක් සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව, ප්‍රාග්ධනය සහ ලාභය නැවත ගෙන්වා ගැනීම, විදෙස් හිමිකාරිත්වය ඇතුළු 100% උපාය මාර්ගික වැඩසටහන් සමගින් කොළඹ වරාය නගරය, ජාත්‍යන්තර ව්‍යාපාර වෙත ආයෝජනය කිරීමට සහ ඔවුන්ගේ මෙහෙයුම් ආරම්භ කිරීමට අවශ්‍ය හිතකර කොන්දේසි සපයන අතර ම, රැකියා උත්පාදනය වැඩි කිරීමට අවශ්‍ය පියවර ද ගනු ලබයි.

මේ ගන්නා වූ සෑම පියවරකින් ම කොළඹ වරාය නගරය අරමුණු කරන්නේ, තොරතුරු තාක්‍ෂණය, සැපයුම්, වාණිජ සේවා සහ තවත් බොහෝ දේවල සමකාලීන ප්‍රවණතා මෙහෙයවමින්, ශ්‍රී ලංකා ආර්ථිකයේ සංවර්ධනයට දායක විය හැකි ප්‍රධාන ව්‍යාපාරික ආයෝජන භාවිතා කොට විදේශ විනිමය රට තුළට ගලා ඒම වර්ධනය කිරීමයි.
කොළඹ වරාය නගරය, සෘජු විදේශ ආයෝජන ගලා ඒම කෙරෙහි අවධානය යොමු කරමින්, වාණිජ ආයතන දිරිගැන්වීම සඳහා සුදුසුකම් සපිරූ බලයලත් පුද්ගලයන් (Authorized Persons – AP’s) ලෙස නම් කර ඇති උපායමාර්ගික වැදගත්කමකින් යුතු ව්‍යාපාර (Businesses of Strategic Importance – BSI) වෙනුවෙන් විශේෂ අවස්ථා සලසා දෙයි. කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපයේ සිදුකරන ව්‍යාපාර සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු නියාමනය සහ පරිපාලනය සිදු වන්නේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව මගිනි.

මූලෝපායික වැදගත්කමකින් යුතු ප්‍රාථමික ව්‍යාපාර ලෙස හදුනාගත් සමාගම්වලට දේපළ වෙළඳාම්, සමාජ යටිතල පහසුකම් හෝ වාණිජ දේපළ සංවර්ධනය පිළිබඳව තමාට ඇති උනන්දුව ප්‍රදර්ශනය කිරීම මෙහිදී අත්‍යාවශ්‍ය වන අතර, ඒ වෙනුවෙන් අවම වශයෙන් එක් භූමි කැබැල්ලකට ඩොලර් මිලියන 100 ක හෝ සමාජ යටිතල පහසුකම් වෙනුවෙන් ඩොලර් මිලියන 25 ක අවම ආයෝජන සීමාවන් සපුරාලීමට සිදුවේ.
මෙහි මෙහෙයුම් කටයුතු සිදුකිරීමට උනන්දුවක් දක්වන ආයතන, උපායමාර්ගික වැදගත්කමකින් යුතු ද්විතීයික ව්‍යාපාරයන් ලෙස සුදුසුකම් ලැබීමට පහත සඳහන් නිර්ණායකයක අතරින් එකක් හෝ සපුරාලීම සිදුකළ යුතුය. එනම්, වාර්ෂික ගෝලීය ආදායම ඇ.ඩො මිලියන 50 ට වැඩි, මෙහෙයුම් ආරම්භ වූ දිනයේ සිට වසර පහක කාලයක් ඇතුළත අවම වශයෙන් සේවකයින් 100 ක් හෝ ඇ.ඩො 500,000ක තක්සේරුගත ව්‍යවසායක ව්‍යාපාරයක් විය යුතුය.

මෙම ව්‍යාපාර ගෝලීය සහ කලාපීය ආර්ථික ක්‍රියාකාරකම්, තොරතුරු තාක්‍ෂණය, නාවික ප්‍රවාහන සේවා, සංචාරක/ආගන්තුක සත්කාර සහ අනුබද්ධිත සේවා යනාදී කටයුතුවල නියැළෙමින් ශ්‍රී ලංකාවේ සමාජ හා වාණිජ ප්‍රගමනය සඳහා සිය දායකත්වයක් ද සැපයීම සිදුකළ යුතුය.

ශ්‍රී ලංකාව ව්‍යාපාර සහ නවෝත්පාදන සඳහා ප්‍රධාන ගමනාන්තයක් බවට ප‍රිවර්තනය කිරීමේ දිගුකාලීන දැක්ම ශක්තිමත් කරමින්, කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඇති බහු ආංශික අවස්ථා හරහා ගෝලීය සහ කලාපීය ආයෝජන ලබාගැනීමට ඔවුන්ගේ ඇති සූදානම මෙමගින් මනාව පෙන්නුම් කරයි.

කොළඹ වරාය නගරයෙහි ආයෝජන අවස්ථා පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා www.portcitycolombo.lk වෙබ් අඩෙවිය වෙත පිවිසෙන්න.

PR

Post Views: 18,963
Previous Post

ජවිපේ රට, ජාතියට කිසිදු යහපතක් කරලා නෑ – සුගීෂ්වර බණ්ඩාර

Next Post

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ ධුරයට මිනුර සෙනරත් පත් කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ ධුරයට මිනුර සෙනරත් පත් කෙරේ

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ ධුරයට මිනුර සෙනරත් පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved