iOS මෙහෙයුම් පද්ධතිය සහිත (iPhone) ජංගම දුරකතන භාවිත කරන ලොව පුරා පරිශීලකයින් පිරිසකට WhatsApp Web වෙත ප්‍රවේශ වීමේදී පසුගිය පැය කිහිපය තුළ පැවැති බාධාව මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබේ. Downdetector වැනි ඇනහිටීම්-අධීක්ෂණ වේදිකාවන් වෙත අඛණ්ඩව වාර්තා වූ තොරතුරුවලින් තහවුරු වූයේ බොහෝ දෙනෙකුට සිය පරිගණක හරහා WhatsApp ගිණුමට සම්බන්ධ වීමට නොහැකි වී තිබූ බවයි.
මෙම ගැටලුවේ විශේෂත්වය වන්නේ iOS භාවිතා කරන සියලුම පරිශීලකයින්ට මෙය බලනොපෑමයි. එනම්, ඇතැම් iPhone පරිශීලකයින්ට සුපුරුදු පරිදි සේවාව ලබා ගැනීමට හැකි වූ අතර තවත් පිරිසකට පමණක් ප්‍රවේශ වීමේ අවහිරතා මතු විය. මෙම තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් WhatsApp හි මව් සමාගම වන මෙටා (Meta) ආයතනය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද, දැනට පවතින වාර්තා අනුව සේවාවන් බොහෝ දුරට යථා තත්ත්වයට පත්ව ඇත.














