අද (27) උදෑසන සිට WhatsApp Web සේවාවට පිවිසීමේදී ලොව පුරා පරිශීලකයින් රැසක් දුෂ්කරතාවලට මුහුණ දී ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම අයිෆෝන් (iPhone) භාවිතා කරන පරිශීලකයින් හට සිය උපාංග පරිගණක සමඟ සම්බන්ධ කිරීමේදී (Linking) සහ ගිණුම්වලට පිවිසීමේදී මෙම ගැටලුව දැඩි ලෙස බලපා ඇති බව Downdetector දත්ත පෙන්වා දෙයි.
මෙම බාධාව සම්බන්ධයෙන් වාර්තා වූ පැමිණිලිවලින් සියයට 56ක්ම වෙබ් අඩවියට පිවිසීමට අදාළ ඒවා වන අතර, සියයට 39ක් ඇප් එක සම්බන්ධ ගැටලු ලෙස සටහන් වී තිබේ. බොහෝ ඇන්ඩ්‍රොයිඩ් (Android) පරිශීලකයින් සඳහා සේවාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුවද, අයිෆෝන් භාවිතා කරන්නන් හට පැයකට අධික කාලයක් මෙම ගැටලුවට මුහුණ දීමට සිදුව ඇති බව සමාජ මාධ්‍ය වාර්තා පවසයි.
මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් දෛනික රාජකාරී කටයුතු කරගෙන යාමට බාධා පැමිණ ඇති බව පවසමින් බොහෝ දෙනා ‘X’ (පැරණි ට්විටර්) ජාලය හරහා සිය නොසතුට පළ කර ඇත. කෙසේ වෙතත්, මේ දක්වා මෙටා (Meta) සමාගම හෝ WhatsApp ආයතනය විසින් මෙම ඇනහිටීම පිළිබඳව නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර ගැටලුව විසඳීමට ගෙන ඇති පියවර පිළිබඳවද මෙතෙක් අනාවරණය වී නොමැත.














