ඉරානයේ හිටපු ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාද් (Mahmoud Ahmadinejad) තෙහෙරාන් අගනුවරට එල්ල වූ ඊශ්‍රායල සහ ඇමෙරිකානු ප්‍රහාරවලින් මියගිය බවට පැතිර යන වාර්තා අසත්‍ය බව ඔහුගේ සමීපතම උපදේශකයින් සහ ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය තහවුරු කරයි.
ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ ඇතැම් විදෙස් පුවත් සේවා මුලින් වාර්තා කළේ තෙහෙරාන් නුවර ‘නර්මාක්’ (Narmak) ප්‍රදේශයේ පිහිටි අහමදිනෙජාද්ගේ නිවස ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයකින් ඔහු සහ ඔහුගේ ආරක්ෂකයින් තිදෙනෙකු මියගිය බවයි. කෙසේ වෙතත්, ඔහුගේ සමීපතම උපදේශකයෙකු ‘Anadolu’ පුවත් සේවය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ අහමදිනෙජාද් මහතා මේ වන විට යහතින් සහ ආරක්ෂිතව පසුවන බවයි. ඔහු පවසන පරිදි, ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් රැඳී සිටි ගොඩනැගිල්ලක් වන අතර එහිදී ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු මියගොස් ඇත. එම ගොඩනැගිල්ලට මීටර් 100ක් පමණ දුරින් පිහිටි අහමදිනෙජාද්ගේ නිවසට ප්‍රහාරයෙන් හානි සිදුව නොමැත.
අල් ජසීරා (Al Jazeera) ඇතුළු ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන ද පෙන්වා දෙන්නේ ඉරාන කම්කරු පුවත් ඒජන්සිය (ILNA) ඇතුළු දේශීය මාධ්‍ය මගින් ඔහුගේ මරණය පිළිබඳ නිල තහවුරු කිරීමක් සිදු කර නොමැති බවයි. පවතින දැඩි යුදමය ව්‍යාකූලත්වය හමුවේ මෙවැනි පරස්පර වාර්තා පළවන අතර, ඊශ්‍රායලය හෝ ඇමෙරිකාව ද මේ පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
















