ඉරානයේ බුෂෙහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රය ඉලක්ක කර ගනිමින් තවත් ප්‍රහාරක අවියක් පතිත වී ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) නිවේදනය කරයි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් විසින් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය වෙත නිල වශයෙන් කරුණු වාර්තා කර ඇත.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් බලාගාරයේ ප්‍රධාන ව්‍යුහයට හෝ එහි ක්‍රියාකාරීත්වයට බරපතල හානි සිදුව ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. බලාගාරය අවට ප්‍රදේශයේ විකිරණ මට්ටම්වල අසාමාන්‍ය වෙනසක් ද නිරීක්ෂණය වී නොමැති බව පරමාණුක බලශක්ති ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කරයි.
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක වීම ලෝක ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව තිබේ. විශේෂයෙන්ම අමෙරිකාව විසින් ඉරානය වෙත ඉදිරිපත් කළ කරුණු 15ක සාම යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා වෙමින් පවතින පසුබිමක මෙවැනි ප්‍රහාර එල්ල වීම කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බව දේශපාලන විචාරකයෝ පවසති.














