ඇමෙරිකානු නාවික හමුදාවට අයත් USS Abraham Lincoln ගුවන් යානා ප්‍රවාහන නෞකාවට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර එය අක්‍රිය කිරීමට සමත් වූ බවට ඉරානය කරන ප්‍රකාශය ඇමෙරිකා එක්සත් ජනපදය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසන්නේ ඔමාන් මුහුදේදී ඉරාන මුහුදු සීමාවට කිලෝමීටර් 340ක් දුරින් තිබූ මෙම නෞකාවට නිරවද්‍ය ප්‍රහාර එල්ල කළ බවත්, ඉන් අනතුරුව නෞකාව අඩපණ වී එම කලාපයෙන් පළා යමින් සිටින බවත්ය.
කෙසේ වෙතත්, ඇමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) මෙම වාර්තා පදනම් විරහිත බව පවසමින් නෞකාව තවමත් පූර්ණ ක්‍රියාකාරී මට්ටමින් ‘Operation Epic Fury’ මෙහෙයුමට දායක වන බව තහවුරු කිරීමට ඡායාරූප ද ප්‍රසිද්ධ කර ඇත. ඔවුන් පවසන පරිදි, ඉරාන යාත්‍රාවක් නෞකාවට ඉතා සමීපයට පැමිණි අවස්ථාවක එය වැළැක්වීම සඳහා මාර්ක් 45 (Mark 45) කාලතුවක්කුවකින් අනතුරු ඇඟවීමේ වෙඩි තැබීම් සිදු කර ඇති නමුත්, ඉරානය පවසන පරිදි කිසිදු මිසයිල ප්‍රහාරයක් නෞකාවට එල්ල වී නොමැත.
වත්මන් යුද වාතාවරණය හමුවේ ඇමෙරිකාව USS Abraham Lincoln සහ USS Gerald R. Ford යන යෝධ නෞකා ද්විත්වයම කලාපය තුළ ස්ථානගත කර ඇති අතර, පසුගිය දින කිහිපය තුළ ඉරාන මව් නෞකාවක් ඇතුළු යාත්‍රා 11ක් විනාශ කළ බව ද ඇමෙරිකාව පවසා තිබේ. දෙපාර්ශවය අතර පවතින මෙම තොරතුරු යුද්ධය (Information War) හේතුවෙන් මැදපෙරදිග කලාපයේ සැබෑ තත්ත්වය පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවක් නිර්මාණය වී ඇත.
















