මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය තත්ත්වය තවදුරටත් වර්ධනය කරමින්, ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සංධිය (Strait of Hormuz) වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝකයේ බොරතෙල් ප්‍රවාහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් සිදු කෙරෙන මෙම තීරණාත්මක මුහුදු මාර්ගය වසා දැමීම ගෝලීය බලශක්ති සැපයුමට මෙන්ම ලෝක ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව විචාරකයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වය හමුවේ කලාපයේ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද රැස්වී ඇති අතර, මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බහරේනය, කුවේට් සහ ජෝර්දානය යන රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල දැනටමත් හදිසි උපදෙස් මාලාවන් නිකුත් කර තිබේ.














