ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලැරිජානි ඝාතනයට ලක්ව ඇති බව රජය තහවුරු කර පැය 24ක් ගතවීමටත් මත්තෙන්, එරට නව උත්තරීතර නායක මොජ්තබා ඛමේනි විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සිය දැඩි විරෝධය පළ කර තිබේ. ලැරිජානි යනු ඉරාන දේශපාලන තන්ත්‍රයේ සිටි “බුද්ධිමත් සහ කැපවූ” විශිෂ්ට චරිතයක් ලෙස හඳුන්වා දුන් උත්තරීතර නායකයා, මෙම ඝාතනය හරහා ඉස්ලාමයේ සතුරන් ඔහු කෙරෙහි දක්වන වෛරය මනාව පැහැදිලි වන බව ප්‍රකාශ කළේය. “සෑම ලේ බිඳුවකටම මිලක් පවතින බවත්, මෙම අපරාධකරුවන්ට නුදුරේදීම ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවනු ඇති” බවත් පවසමින් ඔහු දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.














