මැදපෙරදිග කලාපයේ දැඩි උණුසුම්කාරී තත්වයක් නිර්මාණය කරමින් ඇමරිකානු නාවික හමුදාවට අයත් USS ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා වාහක නෞකාව ඉලක්ක කර ඉරාන හමුදාව විසින් කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. ඉරාන රාජ්‍ය රූපවාහිනිය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ මෙම ප්‍රහාරය ඉරාන ආරක්ෂක අංශ විසින් සැලසුම් සහගතව සිදුකර ඇති බවයි.
මෙම ප්‍රහාරයට පෙර ඉරාන නාවික හමුදාපති රියර් අද්මිරාල් ෂහ්රාම් ඉරානි විසින් විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණි. එහිදී ඔහු අවධාරණය කළේ අදාළ ඇමරිකානු නෞකාව ඉරාන මිසයිල පරාසයට ඇතුළු වුවහොත් ඕනෑම මොහොතක ප්‍රහාර එල්ල කරන බවයි. එම ප්‍රකාශය සිදුකර පැය කිහිපයක් ගත වන්නටත් මත්තෙන් මෙම ප්‍රහාරය එල්ල වී තිබීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සහ ඉන් සිදුවූ හානිය පිළිබඳව ඇමරිකානු බලධාරීන් හෝ පෙන්ටගනය මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත. කලාපීය ආරක්ෂක විශ්ලේෂකයින් පවසන්නේ මෙම තත්වය ඇමරිකාව සහ ඉරානය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික ගැටුම් තවදුරටත් උග්‍ර කිරීමට හේතු විය හැකි බවයි.















