ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා අද සිදු කළ විශේෂ ප්‍රකාශයකින් මැදපෙරදිග කලාපයම කම්පනයට පත් කරමින් සිය යුද උපායමාර්ගය විවෘතව හෙළි කර තිබේ. “අපට ඇමරිකානු භූමියට (American Soil) සෘජුවම ළඟා වීමට හැකියාවක් නැත” යනුවෙන් ඔහු කළ පිළිගැනීමත් සමඟ, ඉරානය මේ වන විට සිය මිසයිල ප්‍රහාරක බලය ඇමරිකානු හමුදා කඳවුරු පවතින අසල්වැසි කලාපීය රටවල් වෙත යොමු කර ඇති බව පැහැදිලි වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට් සහ බහරේන් යන රටවල් දැන් ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවල සෘජු ඉලක්ක බවට පත්ව ඇති බව වාර්තා වේ.
එක් වාක්‍යයකින් සමස්ත යුද උපායමාර්ගය විස්තර කරමින් ඔහු පෙන්වා දෙන්නේ, ඇමරිකාවට සෘජුව පහර දීමට නොහැකි වුවද ඇමරිකාවට සහය දෙන සහ ඔවුන්ගේ කඳවුරු පවත්වාගෙන යන කලාපීය රටවලට පහර දීම හරහා ඇමරිකාවට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.














