ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා අද සවස විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, තම රටට එල්ල වූ බරපතළ ප්‍රහාර හමුවේ දැවැන්ත ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට ඉරානය සූදානමින් සිටි බවත්, පාකිස්ථානයේ මැදිහත්වීම මත එය තාවකාලිකව වැළකුණු බවත්ය. කලාපීය යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා පාකිස්ථානය සිදුකළ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම ඔහු මෙහිදී ඇගයීමට ලක් කළේය.
කෙසේ වෙතත්, අමෙරිකා එක්සත් ජනපදය වෙත දැඩි අනතුරු ඇඟවීමක් කරමින් ඔහු කියා සිටියේ “අමෙරිකාවට යුද්ධය සහ සටන් විරාමය යන දෙකම එකවර ලබාගත නොහැකි” බවයි. එක්කෝ සාමය තෝරාගත යුතු බවත්, නැතහොත් යුද්ධයට සූදානම් විය යුතු බවත් පෙන්වා දුන් ඔහු, සටන් විරාමයක් පවතින බව පවසමින් ලෙබනනයට සහ ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම තවදුරටත් ඉවසා සිටිය නොහැකි බව අවධාරණය කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ ඊශ්‍රායලයේ දැවැන්ත ගුවන් ප්‍රහාර හමුවේ මැදපෙරදිග කලාපය අතිශය අවදානම් අඩියකට පත්ව තිබේ. මියා කලීෆා වැනි ක්‍රියාකාරිනියන් ලෙබනනයේ විනාශය ගැන හඬ නගන අතරතුර, ඉරානය මෙලෙස පාකිස්ථානයේ මැදිහත්වීම ගැන සඳහන් කිරීම හරහා කලාපීය බලවතුන් යුද්ධය පාලනය කිරීමට උත්සාහ කරන බව පෙනී යයි. නමුත් ඉරාන නියෝජ්‍ය විදේශ ඇමතිගේ මෙම ප්‍රකාශයත් සමඟ ඉදිරි පැය කිහිපය තුළ අමෙරිකාව සහ ජනාධිපති ට්‍රම්ප් ගන්නා තීරණය ලෝක සාමයේ තීරණාත්මක සාධකය වනු ඇත.
තොරතුරු උපුටා ගැනීම: @clashreport සහ mario nawfal(x) ඇසුරින්














