තමාට ඉතා කෙටි කාලයක් ඇතුළත ඉරානයේ සමස්ත විදුලි බල පද්ධතිය අඩාල කළ හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඉරානයේ ගොඩනැගිලි සහ යටිතල පහසුකම් නැවත ගොඩනැගීමට වසර ගණනාවක් ගත වන බැවින්, ඒවාට දැවැන්ත හානියක් කිරීමෙන් අමෙරිකාව දැනට වැළකී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
තමාට පැයක් වැනි කෙටි කාලයක් තුළ ඉරානයේ විදුලි බලාගාර විනාශ කිරීමේ හැකියාව ඇති නමුත් එය නැවත යථා තත්ත්වයට පත් කිරීමට විශාල කාලයක් ගත වන නිසා එම ප්‍රහාරය මේ දක්වා පාලනය කරගෙන සිටින බව ඔහු ප්‍රකාශ කළේය. පසුගියදා ඉරානයේ ‘කාර්ග් දූපතට’ (Kharg Island) එල්ල කළ ප්‍රහාරයේදී පවා එහි ඇති තෙල් නල පද්ධතිවලට හානි සිදු නොකිරීමට වගබලා ගත් බව ද ට්‍රම්ප් මෙහිදී අවධාරණය කර සිටියේය.
මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම සහ අමෙරිකාවේ මීළඟ යුද ක්‍රියාමාර්ග පිළිබඳව ලොව පුරා දැඩි අවධානයක් යොමුව තිබේ.














