ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසන්නේ, ඇමරිකාව සමඟ පවතින න්‍යෂ්ටික සාකච්ඡා සාර්ථක කර ගැනීමට නම් ඇමරිකාව සිය ‘අධික ඉල්ලීම්’ (excessive demands) අත්හැරිය යුතු බවයි. එසේම, අනෙක් පාර්ශවය අතින් සිදුවන වැරදි ගණනය කිරීම් සහ අධික ඉල්ලීම් වළක්වා ගැනීම සාකච්ඡා සාර්ථක කර ගැනීමට අත්‍යවශ්‍ය බව ඔහු ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟ පැවැති දුරකථන සංවාදයකදී අවධාරණය කළේය.














