ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු, එරට ජනාධිපති මෙසූඩ් පෙසෙෂ්කියන් නීතිපති සහ නීතිවේදීන් කීප දෙනකු සමඟ එක් වී අන්තර්වාර රජයක් පිහිටුවීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. ඉරාන ඉස්ලාමීය පාලක මණ්ඩලය (Assembly of Experts) විසින් නව උත්තරීතර නායකයකු පත් කර ගැනීමට උත්සාහ කළද, ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඔවුන්ගේ රැස්වීම් පැවැත්වීම දුෂ්කර වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ව්‍යවස්ථාවට අනුව පූජකවරුන් 88 දෙනෙකුගෙන් සැදුම්ලත් පාලක මණ්ඩලය විසින් අනුප්‍රාප්තිකයා තෝරා ගත යුතු වුවද, පවතින යුදමය වාතාවරණය හේතුවෙන් බල හුවමාරුව අවිනිශ්චිත වී ඇත.














