ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පිහිටි අමෙරිකානු තාක්ෂණික දැවැන්තයෙකු වන ඔරකල් (Oracle) සමාගමට අයත් දත්ත මධ්‍යස්ථානයක් (Data Center) ඉලක්ක කරගනිමින් ඊයේ (අප්‍රේල් 02) ප්‍රහාරයක් එල්ල කර ඇති බව ‘ජෙරුසලම් පෝස්ට්’ (Jerusalem Post) පුවත්පත අද වාර්තා කළේය.මෙම ප්‍රහාරය ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති මෙහෙයුම්වලට “ප්‍රතිප්‍රහාරයක්” ලෙස සිදුකළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි. මෙම ප්‍රහාරයත් සමඟ කලාපයේ පවතින අමෙරිකානු සබඳතා සහිත යටිතල පහසුකම්වලට එල්ල වන තර්ජනය තවදුරටත් උග්‍ර වී තිබේ.මීට අමතරව බහරේනයේ පිහිටි ඇමසන් ක්ලවුඩ් පරිගණක මධ්‍යස්ථානයකට (Amazon Cloud Center) ද ඉරානය විසින් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ. මයික්‍රොසොෆ්ට්, ගූගල් සහ ඇපල් ඇතුළු අමෙරිකානු සමාගම් 18ක් තම “ඉලක්ක” ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය මීට පෙර අනතුරු ඇඟවූ අතර, බෑග්ඩෑඩ් ගුවන්තොටුපොළ අසල පිහිටි අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථානයකට ද ඊයේ ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය.මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් කලාපයේ ඩිජිටල් යටිතල පහසුකම් සහ දත්ත සුරක්ෂිතතාව පිළිබඳව දැඩි අවදානමක් මතුව ඇති අතර, මෙය සාම්ප්‍රදායික යුද්ධයකින් ඔබ්බට ගිය “තාක්ෂණික යුද්ධයක” (Tech War) ආරම්භයක් ලෙස විදේශ මාධ්‍ය හඳුන්වයි.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal (X) ඇසුරින්
















