අමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකට ලක්ව ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මුහුදුබත් වූ ඉරාන ‘අයිරිස් ඩෙනා’ (IRIS Dena) නෞකාවේ සිටියදී මියගිය නාවිකයන්ගේ මෘත දේහයන් සම්බන්ධයෙන් විශේෂ පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයාගන්නා ලද නාවිකයන් 84 දෙනෙකුගේ මෘත ශරීර, ඉරාන රජය වෙත භාරදී ඔවුන්ගේ මව් රටට රැගෙන යන තෙක් ගාල්ල ප්‍රදේශයේ විශේෂ ශීතාගාර තුළ සුරක්ෂිතව තැන්පත් කර ඇත.
මෙම පිරිස අතරින් දිවි බේරාගත් නාවිකයන් 32 දෙනා මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, මියගිය පිරිසගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඉරාන තානාපති කාර්යාල නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට නියමිතය. ජාත්‍යන්තර මුහුදු තීරයේදී සිදුවූ මෙම දරුණු ව්‍යසනය හේතුවෙන් මියගිය පිරිසගේ දේහයන් ගුවන් මගින් ඉරානය වෙත රැගෙන යාමට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බව වාර්තා වේ.














