මැදපෙරදිග යුද ගැටුම් කලාපයෙන් ඔබ්බට ව්‍යාප්ත කරමින්, ඉරානය විසින් සයිප්‍රසයේ (Cyprus) පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි (John Healey) තහවුරු කරයි. සයිප්‍රසය යනු ඇමරිකානු බුද්ධි අංශ මධ්‍යස්ථාන සහ බ්‍රිතාන්‍යයේ RAF Akrotiri වැනි උපායමාර්ගික ගුවන් කඳවුරු පිහිටි ස්ථානයක් වන අතර, මෙම ප්‍රහාරය බටහිර බලවතුන්ට එල්ල කළ සෘජු තර්ජනයක් ලෙස සැලකේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් (Keir Starmer) පවසන්නේ සයිප්‍රසය මෙම ප්‍රහාරයේ සෘජු ඉලක්කය නොවන බව පෙනී ගියද, ඉරානයේ මෙම ක්‍රියාව “වගකීම් විරහිත සහ අවිචාරවත්” (Indiscriminate) ප්‍රහාරයක් බවයි.
මෙම ප්‍රහාරයට අමතරව ඉරානය විසින් කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට් සහ බහරේන් යන රටවල පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් ‘හයවැනි ප්‍රහාරක රැල්ල’ (Sixth Wave) දියත් කර තිබේ. බහරේන්හි පිහිටි ඇමරිකානු පස්වැනි නාවික බලඇණි මූලස්ථානය අසලට මිසයිල පතිත වී ඇති අතර, එහි සිටි බ්‍රිතාන්‍ය සෙබළුන් 300ක් පමණ අනූනවයෙන් ජීවිත බේරාගෙන ඇත. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉරාන මිසයිල 137ක් සහ ඩ්‍රෝන 209ක් සිය ගුවන් සීමාවේදී විනාශ කර ඇති බව තහවුරු කරයි.













