ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් 40 දෙනෙකු ඝාතනය කිරීමට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ගල්ෆ් කලාපයේ පිහිටි ඇමරිකානු ඉලක්ක වෙත දරුණු ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. මෙම ප්‍රහාර හේතුවෙන් බහරේනයේ එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
බහරේනයට අමතරව ඉරාකය සහ කුවේටය ද තම දේශසීමා තුළ ඉරාන වැටලීම් සිදුවන බව තහවුරු කර ඇත. කලාපය පුරා පවතින මෙම යුදකාමී වාතාවරණය හේතුවෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
මේ අතර වොෂින්ටනය සමඟ නැවතත් න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කිරීමට ඉරානය උත්සාහ කරන බවට ඇමරිකානු මාධ්‍ය පළ කළ වාර්තා ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් අලි ලරිජානි විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත. තමන් එවැනි කිසිදු නව උත්සාහයක් ගෙන නොමැති බව ඔහු අවධාරණය කළේය.















