ඇමරිකාව සහ ඉරානය අතර පවතින සති දෙකක තාවකාලික සටන් විරාම ගිවිසුම, ලෙබනනය සහ සමස්ත “ප්‍රතිරෝධයේ අක්ෂය” (Resistance Axis) සඳහා ද අනිවාර්යයෙන්ම බලපැවැත්වෙන බව ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බගර් ගලිබාෆ් (Mohammad Bagher Ghalibaf) අවධාරණය කරයි. ඉරානයේ කරුණු 10කින් යුත් සාම යෝජනාවට අනුව ලෙබනනය මෙම ගිවිසුමෙන් වෙන් කළ නොහැකි කොටසක් බව පවසන ඔහු, සටන් විරාම නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩි ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බවට ද අනතුරු අඟවා තිබේ.
“වහාම මෙම ගින්න නිවා දමන්න” යනුවෙන් ඊශ්‍රායලය ඇතුළු පාර්ශ්වයන්ට බලකර සිටින කතානායකවරයා, ලෙබනනය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන ඕනෑම ප්‍රහාරයක් සටන් විරාමය බිඳ දැමීමක් ලෙස සලකන බව පවසා ඇත. මේ අතර, පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් (Shehbaz Sharif) මහතා ද ලෙබනනය මුහුණ දී සිටින අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු කරමින්, එය කිසිසේත්ම නොසලකා හැරිය නොහැකි ගැටලුවක් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. කලාපීය නායකයන්ගේ මෙම මැදිහත් වීමත් සමඟ, පවතින සටන් විරාමයේ ස්ථාවරභාවය ලෙබනනය තුළ සිදුවන මිලිටරි ක්‍රියාකාරකම් මත තීරණය වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මුලාශ්‍රය – IRNA / Al Jazeera














