ඉරානය විසින් ඊයේ (මාර්තු 12) ‘True Promise 4’ මෙහෙයුම යටතේ ඉශ්‍රායලයේ ටෙල් අවිව් නුවර සහ කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් මෙම ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද නිල වශයෙන් ප්‍රසිද්ධ කර ඇත.
‘Labbaik Ya Khamenei’ යන සංකේත නාමය යටතේ ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම සඳහා Emad, Qadr, Khaybar Shekan සහ Fattah යන වර්ගවලට අයත් ප්‍රබල මිසයිල 4ක් සහ විනාශකාරී ඩ්‍රෝන යානා රැසක් භාවිත කර ඇති බව ඉරාන රජයේ පුවත් ඒජන්සිය වන IRNA වාර්තා කරයි. ටෙල් අවිව් අහසේ මිසයිල ගමන් කරන අයුරු දැක්වෙන දර්ශන විදෙස් මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය විය.
මෙම ප්‍රහාරයත් සමඟ කලාපීය යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න වී ඇති අතර ඇමෙරිකාව සහ ඉශ්‍රායලය සිය ආරක්ෂක පද්ධති උපරිම සීරුවෙන් තබා ඇත. ඉරානය පවසන්නේ සිය නායකයන් ඝාතනය කිරීමට සහ ඉරාන භූමියට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම මෙහෙයුම දියත් කළ බවයි.














