ඉන්දියන් සාගරයේ මෙහෙයුමක නිරතව සිට ආපසු පැමිණෙමින් තිබූ ඉරාන නාවික හමුදාවට අයත් නවීනතම IRIS Dena යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් එහි සිටි නාවිකයන් 104 දෙනෙකු මියයෑමේ සිදුවීමට අතිශය ප්‍රබල ප්‍රතිචාරයක් ලබා දෙන බව ඉරාන හමුදාපති අමීර් හතාමි (Amir Hatami) අවධාරණය කරයි. සෘජු යුද ගැටුමක නිරත නොවී සිටි අවස්ථාවක තම නාවිකයන් ඉලක්ක කර එල්ල කළ මෙම “බියගුලු” ප්‍රහාරය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම ප්‍රහාරයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින අමෙරිකා-ඉරාන ගැටුම ඉන්දියන් සාගරය දක්වා දරුණු ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් මතු වී තිබේ. මියගිය නාවිකයන්ගේ කැපකිරීම ඉරාන නාවික ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇති බව පැවසූ හමුදාපතිවරයා, ඉරානයේ මුහුදු සීමාවන් සහ නාවික අභිමානය රැකගැනීම වෙනුවෙන් ඕනෑම මොහොතක ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සිය හමුදාව සන්නද්ධව සිටින බවද ප්‍රකාශ කළේය. මෙම සිදුවීමත් සමඟ කලාපයේ නාවික ගමනාගමනයට එල්ල වී ඇති තර්ජනය තවදුරටත් උග්‍ර වී ඇත.














