මෙම මස මුලදී ඉන්දීය සාගරයේදී අමෙරිකානු සබ්මැරීන් ප්‍රහාරයකින් විනාශ වූ ඉරාන යුද නෞකාවේ සිටි නාවික සෙබළුන් 84 දෙනෙකුගේ දේහයන් රැගත් විශේෂ ගුවන් යානයක් අද (13) රාත්‍රියේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ. ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ එයාර්බස් (Airbus) යානය රාත්‍රී 9.29 ට ඉරානය බලා පියාසර කළ බවයි.
මාර්තු 4 වැනිදා සිදුවූ අදාළ ප්‍රහාරයෙන් මියගිය මෙම සෙබළුන්ගේ දේහයන් මුහුදෙන් සොයාගැනීමෙන් පසු ගාල්ල වරාය වෙත රැගෙන ආ අතර, පසුව දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ මත්තල ගුවන් තොටුපළ වෙත ප්‍රවාහනය කෙරිණි. දේහයන් සහිත පෙට්ටි 84ක් තිබීම හේතුවෙන් යානයේ ගබඩා අංශයේ (Cargo hold) ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා, ඉන් කිහිපයක් යානයේ මගී කුටීරය (Cabin) තුළ තැන්පත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබුණි. මෙම සංවේදී අවස්ථාව සඳහා මෙරට ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ඉහළ පෙළේ ආරක්ෂක අංශ නියෝජිතයන් ද සහභාගී වී සිටියහ.















