ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි (Mojtaba Khamenei) පත්වීම තමන් පිළි නොගන්නා බව පවසමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ. ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගේ පුත්‍රයා වන මොජ්තාබාගේ මෙම පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ, ඉරානයට එරෙහි යුද මෙහෙයුම් අවසන් කරන කාලසීමාව තීරණය කරනු ලබන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව පමණක් බවයි.
මේ අතර, මොජ්තාබා කමේනිගේ නායකත්වය යටතේ ඉරාන විප්ලවීය හමුදාව (IRGC) සිය ප්‍රථම ප්‍රහාර මාලාව ඊශ්‍රායලය ඉලක්ක කරමින් අද (09) දියත් කර තිබේ. තම හමුදාවේ සටන් පාඨ සහිත ඡායාරූප පෙළක් ද සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් ඉරානය සිය යුදමය ශක්තිය ප්‍රදර්ශනය කර ඇති අතර, මෙයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව “නිවැරදි අවස්ථාවේදී” දැඩි තීරණ ගන්නා බවට ට්‍රම්ප් අනතුරු අඟවයි.














