හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සීමිත තෙල් නෞකා සංඛ්‍යාවකට ගමන් කිරීමට ඉඩ දීම කෙරෙහි ඉරානය අවධානය යොමු කර ඇති නමුත්, ඒ සඳහා වන ගෙවීම් ඇමෙරිකානු ඩොලර් වෙනුවට චීන යුවාන් (Yuan) මුදලින් සිදු කළ යුතු බවට ඉඟියක් ලබා දී ඇත. ජාත්‍යන්තර තෙල් වෙළඳාමේදී ඩොලරය සතු ඒකාධිකාරයට අභියෝග කරමින් ඉරානය මෙම නව කළමනාකරණ සැලැස්ම සකස් කරමින් සිටින බව සී.එන්.එන් (CNN) පුවත් සේවය වාර්තා කරයි.
ලෝක බලශක්ති සැපයුමට තීරණාත්මක බලපෑමක් එල්ල කරන හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානය ගෙන ඇති මෙම තීරණය, ගෝලීය ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.














