ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ අවමංගල්‍ය උත්සවය කල් දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ. එක්සත් ජනපදය සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානය වෙත එල්ල කරන දැඩි ප්‍රහාර හමුවේ පවතින අනාරක්ෂිත තත්ත්වය මීට ප්‍රධාන හේතුව වී ඇත.
ටෙහෙරාන් යාඥා සංකීර්ණයේ දින තුනක් පුරා පැවැත්වීමට නියමිත මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට විශාල පිරිසකගෙන් ඉල්ලීම් ලැබී තිබේ. එබැවින් එල්ල විය හැකි ප්‍රහාරවලින් ජනතාව ආරක්ෂා කිරීමටත්, අවශ්‍ය යටිතල පහසුකම් විධිමත් කිරීමටත් කාලය අවශ්‍ය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කමේනිගේ අභාවයත් සමඟ මැදපෙරදිග දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව මේ වන විට ලොව පුරා දැඩි අවධානයක් යොමුව ඇත.














