ඉරාන ජනාධිපති මන්දිරය ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වුවද, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් මහතා කිසිදු අනතුරකට ලක් නොවී පූර්ණ සුවයෙන් පසුවන බව එරට රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි. ඉශ්‍රායෙල සහ අමෙරිකානු ඒකාබද්ධ හමුදා විසින් ටෙහෙරාන් නුවරට එල්ල කරන දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාව අතරතුර, ජනාධිපතිවරයාගේ නිල නිවස පිහිටි පරිශ්‍රයට ද ප්‍රහාර එල්ල වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ටෙහෙරාන් නුවර පිහිටි ජනාධිපති මන්දිරය සහ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ කාර්යාලය පිහිටි ‘පාස්චර් වීදිය’ ආසන්නයේ පිපිරීම් සහ දුම් වලාකුළු දක්නට ලැබුණු අතර, ප්‍රහාර ආරම්භ වීමත් සමඟ ඉහළ පෙළේ නායකයන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.














