පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ඉරාන-ඇමෙරිකානු යුද ගැටුම්වල පළමු සතිය තුළ පමණක් ඇමෙරිකානු හමුදා සාමාජිකයින් 200ක් මියගොස් තවත් 3,000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට ඉරානයට අනුබද්ධ ‘Press TV’ පුවත් සේවය අද (18) වාර්තා කළේය. දෙපාර්ශවයම එකිනෙකාට දැඩි ප්‍රහාර එල්ල කරගනිමින් සිටින පසුබිමක මෙම පුවත වාර්තා වේ.
ඇමෙරිකානු හමුදා සාමාජිකයින්ට අමතරව මිසයිල දියත් කිරීමේ වේදිකා 150ක්, පේට්‍රියට් (Patriot) ගුවන් ආරක්ෂක පද්ධති 23ක් සහ ගුවන් යානා හා හෙලිකොප්ටර් 37ක් විනාශ කිරීමට තමන් සමත් වූ බව ඉරානය පවසයි
ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ ආරක්ෂක අවි තොග (Defence stockpile) සීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින බවත්, එය ඉතා බැරෑරුම් තත්ත්වයක් බවත් ඉරාන බුද්ධි අංශ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ
ලෝක තෙල් ප්‍රවාහනයේ ප්‍රධාන මංසන්ධියක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය අසල පිහිටි ඉරාන මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව පවුම් 5,000ක ‘බස්ටර් බොම්බ’ (Buster bombs) හෙළීමට පැය කිහිපයකට පෙර මෙම වාර්තාව ප්‍රකාශයට පත් විය
ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලාරිජානි ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ කලාපීය ආරක්ෂක තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇති අතර, මෙරට රජය ද මැදපෙරදිග අර්බුදය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කිරීමට විශේෂ සුබසාධන කමිටු රැස් කරමින් සිටී.














