ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින යුදමය වාතාවරණය සමථයකට පත් කිරීම සඳහා පකිස්ථානය මැදිහත් වී ඉදිරිපත් කළ තාවකාලික සටන් විරාම යෝජනාව ඉරානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ ඉරානය අවධාරණය කරන්නේ තාවකාලික සටන් විරාමයක් වෙනුවට යුද්ධය ස්ථිරවම නැවැත්විය යුතු බවත් තමන්ට පනවා ඇති සම්බාධක ඉවත් කර හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂිත ගමනාගමනය තහවුරු කෙරෙන නව ප්‍රොටෝකෝලයක් සකස් කළ යුතු බවත්ය කරුණු 10 කින් යුත් ඉරාන ප්‍රතිචාරය මගින් කලාපීය ගැටුම් අවසන් කිරීම සහ යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා ද ඉල්ලීම් ඉදිරිපත් කර ඇත
කෙසේ වෙතත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ඉරාන ප්‍රතිචාරය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර අද (07) රාත්‍රී 8 (EDT) වන විට හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට එකඟ නොවන්නේ නම් ඉරානයට “අපායේ ගින්දර” (Rain Hell) ඇද හැලෙනු ඇති බවට අවසන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ ඉරානයේ විදුලි බලාගාර පාලම් සහ අනෙකුත් සිවිල් යටිතල පහසුකම් එක් රාත්‍රියක් ඇතුළත සහමුලින්ම විනාශ කරන බවට ඔහු තර්ජනය කර ඇති අතර ජාත්‍යන්තර මානුෂීය නීති පිළිබඳ එල්ල වන විවේචන ද ඔහු බැහැර කර ඇත
මෙම පුවතත් සමඟ අද උදෑසන වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයකට ඩොලර් 111 සීමාව ඉක්මවා ගොස් ඇති අතර සිනොපෙක් (Sinopec) සමාගම ද මෙරට සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළ නංවා තිබේ ඉන්දීය කොටස් වෙළඳපොළ ද අද දිනයේ පහත අගයකින් ආරම්භ වී ඇත්තේ ට්‍රම්ප්ගේ මෙම අවසන් කාලසීමාව හමුවේ ආයෝජකයන් තුළ ඇති වී තිබෙන දැඩි බිය නිසාය අද දිනය අවසන් වීමට පෙර රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කිසියම් එකඟතාවයකට නොපැමිණෙන්නේ නම් මැදපෙරදිග කලාපය පමණක් නොව මුළු මහත් ලෝක ආර්ථිකයම දැඩි අස්ථාවරත්වයකට පත් වනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති














