ඉරානය සහ බටහිර බලවතුන් අතර පවතින දරුණු යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා රටවල් දෙකක් මැදිහත් වී ඉදිරිපත් කළ සාම යෝජනා ඉරානයේ නව උත්තරීතර නායකයා විසින් සෘජුවම ප්‍රතික්ෂේප කර ඇති බව ‘Reuters’ සහ ‘Iran International’ පුවත් සේවා වාර්තා කරයි. මීට පෙර සිටි උත්තරීතර නායකයා ප්‍රහාරයකින් මියයාමෙන් පසු බලයට පත් වූ නව නායකයා අවධාරණය කර ඇත්තේ, සාමය පිළිබඳව කතා කිරීමට මෙය සුදුසු කාලය නොවන බවයි.
ඔහු සිය දැඩි කොන්දේසි ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, සාකච්ඡා මේසයට පැමිණීමට පෙර ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය යුද බිමේදී පරාජයට පත් විය යුතු බවයි. එමෙන්ම යුද්ධයෙන් සිදුවූ විනාශයන් වෙනුවෙන් එම රටවල් ඉරානයට වන්දි ගෙවිය යුතු බවත්, ඉන් අනතුරුව පමණක් සාමය පිළිබඳව සලකා බැලිය හැකි බවත් ඔහු පවසා තිබේ.
මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම තවදුරටත් තීව්‍ර වී ඇති අතර, ට්‍රම්ප් පරිපාලනය විසින් සාමය සඳහා විවෘතව පැවති අවස්ථාවන් අවහිර වෙමින් පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉරාන විදේශ අමාත්‍යවරයා මීට පෙර කළ ප්‍රකාශයන් හා සමපාත වෙමින් නව නායකයා ද “පළිගැනීම” මූලික කරගත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව මෙයින් පැහැදිලි වේ.
– තොරතුරු උපුටා ගැනීම:
Reuters, Iran International සහ ජාත්‍යන්තර බුද්ධි අංශ වාර්තා ඇසුරින්.















