ඇමරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් විනාශ වූ ටෙහෙරාන් නුවර පිහිටි සිය නිල නිවසෙහි සුන්බුන් අතර තිබී සොයාගත් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය දැක්වෙන ඡායාරූපයක් ඉරාන රජය විසින් නිල වශයෙන් මාධ්‍ය වෙත මුදාහැර තිබේ. ඉරාන රාජ්‍ය රූපවාහිනිය (IRIB) මගින් මෙම ඓතිහාසික සහ සංවේගජනක ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කළේ කමේනි “දිව්‍යමය මරණයට” (Martyrdom) පත් වූ බව තහවුරු කරමිනි. සෙනසුරාදා එල්ල වූ එම ප්‍රහාරයෙන් කමේනිගේ මාලිගය සම්පූර්ණයෙන්ම බිමට සමතලා වී ඇති අතර, ඔහුගේ දේහය සොයාගෙන ඇත්තේ පැය කිහිපයක දැවැන්ත මෙහෙයුමකින් පසුව බව වාර්තා වේ.
ඊශ්‍රායල මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම ඡායාරූපය නිකුත් කිරීමට පෙර එය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වෙත ද පෙන්වා ඇති බව පැවසේ. ඉරාන බලධාරීන් මෙම ඡායාරූපය ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන ඇත්තේ කමේනි තවමත් ජීවතුන් අතර සිටින බවට පැතිර යන “මානසික යුද්ධයට” (Mental Warfare) පිළිතුරක් වශයෙනි. මෙම ඡායාරූපය ප්‍රචාරය වීමත් සමඟ ලොව පුරා විසිරී සිටින කමේනිගේ ආධාරකරුවන් දැඩි කම්පනයට පත්ව ඇති අතර, ඉරානය තුළ දින 40ක ජාතික ශෝක කාලයක් සහ සතියක රජයේ නිවාඩු ප්‍රකාශයට පත් කර තිබේ.














