ඉරානය සහ ඊශ්‍රායල-ඇමරිකානු හවුල්කාරීත්වය අතර පවතින යුදමය ගැටුම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය දක්වා ව්‍යාප්ත වෙමින් ඉරානයේ නිල රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA ඇතුළු එරට ප්‍රධාන පුවත් වෙබ් අඩවි ගණනාවකට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරය හේතුවෙන් ඉරානයේ ප්‍රධාන සන්නිවේදන ජාලයන් රැසක් අඩාල වී ඇති අතර, තොරතුරු වාර්තා කිරීමේ ක්‍රියාවලියට ද දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. කලාපය තුළ මිසයිල ප්‍රහාර හුවමාරු වන පසුබිමක එල්ල වූ මෙම සයිබර් ප්‍රහාරය, ඉරානයේ පද්ධති අකර්මණ්‍ය කිරීමේ අරමුණින් සිදුකළ සැලසුම්සහගත මෙහෙයුමක් බවට ආරක්ෂක විශ්ලේෂකයෝ සැක පළ කරති.














