එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘Emirates Global Aluminium’ (EGA) සමාගමට අයත් අබුඩාබිහි පිහිටි දැවැන්ත ‘Al Taweelah’ ඇලුමිනියම් කම්හල, ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් මුළුමනින්ම වසා දමා ඇති බව අද (අප්‍රේල් 03) නිල වශයෙන් තහවුරු විය. පසුගිය මාර්තු 28 වනදා එල්ල වූ මෙම ප්‍රහාරයෙන් කම්හලේ බලශක්ති පද්ධතියට සහ නිෂ්පාදන ඒකකවලට (Smelter) බරපතළ හානි සිදුව ඇති අතර, සේවකයින් 6 දෙනෙකු ද තුවාල ලබා ඇත.
ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන මෙය වසා දැමීම හේතුවෙන් ගෝලීය ඇලුමිනියම් සැපයුමට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති. විශේෂයෙන්ම මෝටර් රථ නිෂ්පාදනය, ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ ඇසුරුම්කරණ කර්මාන්ත සඳහා අවශ්‍ය ඇලුමිනියම් හිඟයක් ඇතිවීමෙන් ලෝක වෙළඳපොලේ ඇලුමිනියම් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට මෙය හේතු වනු ඇත. කම්හලේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට වසරක පමණ කාලයක් ගතවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, මෙය මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වූ තවත් ප්‍රබල පහරක් ලෙස සැලකේ.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal (X) ඇසුරින්














