ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වූ මොජ්තාබා කමේනි (Mojtaba Khamenei) සිය ප්‍රථම ප්‍රසිද්ධ ප්‍රකාශය නිකුත් කරමින් මැදපෙරදිග කලාපයේ ස්ථාපිත කර ඇති සියලුම ඇමෙරිකානු හමුදා කඳවුරු වහාම ඉවත් කර ගන්නා ලෙස බලකර සිටියි. කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට නම් බාහිර බලවේග කලාපයෙන් ඉවත් විය යුතු බව පෙන්වා දෙන ඔහු, මෙම නියෝගය නොසලකා හරින ඕනෑම කඳවුරක් ඉරානයේ අඛණ්ඩ ප්‍රහාරයන්ට ලක්වන බවට දැඩි අනතුරු ඇඟවීමක් ද කළේය.
තම පාලන සමයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ඉඟි පළ කරමින් නව නායකයා කියා සිටියේ, ඉරානය අසල්වැසි රටවල් සමඟ මිත්‍රශීලී සබඳතා පැවැත්වීමට අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත්, ඉරානයේ යුදමය ක්‍රියාමාර්ග සහ මිසයිල ප්‍රහාරවල එකම ඉලක්කය ඇමෙරිකානු හමුදා මධ්‍යස්ථාන පමණක් වන බවත්, එම ඉලක්ක සපුරා ගන්නා තෙක් පසුබට නොවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ඇමෙරිකාව සහ ඉරානය අතර යුදමය වාතාවරණයක් පවතින මෙම උණුසුම් මොහොතේ, මොජ්තාබා කමේනිගේ මෙම ප්‍රකාශය කලාපයේ අනාගත ස්ථාවරත්වය පිළිබඳ බරපතල තීරණාත්මක සාධකයක් වනු ඇතැයි විදේශ පුවත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














