ඉරානයේ ටෙහෙරාන් අගනුවර දකුණු දිග ප්‍රදේශයේ අද (අප්‍රේල් 07) දේශීය වේලාවෙන් පස්වරු 7:10ට පමණ අතිශය ප්‍රබල ප්‍රහාරක යානා හඬක් (Fighter jet roar) ඇසී ඇති අතර, ඉන් සුළු මොහොතකට පසු එම ප්‍රදේශයෙන් විශාල වශයෙන් කළු දුමාරයක් ඉහළට නැගෙන අයුරු නිරීක්ෂණය වී තිබේ.
@ILRedAlert ඇතුළු ජාත්‍යන්තර යුද වාර්තාකරණ මූලාශ්‍ර පෙන්වා දෙන්නේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති රාත්‍රී 8:00 අවසාන කාලසීමාව (Deadline) එළඹීමට පෙරම අගනුවර ඉලක්ක කර මෙම ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බවයි. විශේෂයෙන්ම ටෙහෙරානයේ දකුණු දිග ප්‍රදේශයේ පිහිටි හමුදා මධ්‍යස්ථාන හෝ යටිතල පහසුකම් ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල වන්නට ඇති බවට සැක පළ කෙරේ.
අද දිනය පුරාම ඉරානයේ ප්‍රධාන නගර රැසක දුම්රිය මාර්ග සහ පාලම් ඉලක්ක කර ප්‍රහාර එල්ල වූ අතර, අගනුවරට මෙලෙස ප්‍රහාර එල්ල වීමත් සමඟ වැසියන් දැඩි භීතියට පත්ව සිටිති. ප්‍රහාරක යානාවල ශබ්දය කොතරම් ප්‍රබලද යත්, ටෙහෙරාන් නගර මධ්‍යයේ ගොඩනැගිලි පවා සෙලවුණු බව ප්‍රදේශවාසීහු පවසති. මේ වන විට ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙමින් පවතින අතර, සිදුවූ හානිය පිළිබඳ නිල තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
තොරතුරු උපුටා ගැනීම: ILRedAlert සහ Mario nawfal(x) ඇසුරින්














