ඉරානයේ යටිතල පහසුකම් විනාශ කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන ලද නවතම අනතුරු ඇඟවීම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද (අප්‍රේල් 03) දිනයේදී ජාත්‍යන්තර මිණුම්දණ්ඩ වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 8 කින් පමණ ඉහළ ගොස් ඇති අතර එය ඩොලර් 109 ක මට්ටමකට පැමිණ ඇති බවයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ.
පවතින යුදමය වාතාවරණය ආරම්භ වූ දා සිට මේ දක්වා ලෝක බොරතෙල් මිල සියයට 50 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. මෙම දැවැන්ත මිල ඉහළ යාම හේතුවෙන් ලොව පුරා ඉන්ධන මිල ගණන් දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර, මේ නිසා බොහෝ රටවල රජයන්ට සිය රටවල් තුළ විවිධ බලශක්ති සංරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමටද බල කෙරී තිබෙනවා.














