ඇමරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරාන වෙරළ තීරයට හෝ දූපත් වෙත ප්‍රහාරයක් එල්ල කළහොත් සමස්ත පර්සියානු ගුප්තකලාපය (Persian Gulf) පුරා නාවික බිම්බෝම්බ (Naval Mines) අතුරා මුහුදු මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර කරන බවට ඉරාන ආරක්ෂක මණ්ඩලය අද (23) දැඩි අනතුරු ඇඟවීමක් කළේය. 1980 දශකයේදී නාවික බිම්බෝම්බ කිහිපයක් ඉවත් කිරීමට බිම්බෝම්බ නාශක නෞකා 100කට අධික සංඛ්‍යාවක් අසමත් වූ අයුරු අමතක නොකරන්නැයි ඉරානය මෙහිදී අවධාරණය කර ඇත.
ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන ‘කාග් දූපත’ (Kharg Island) අත්පත් කර ගැනීමට හෝ අවහිර කිරීමට ඇමරිකාව සූදානම් වන බවට පළවන වාර්තා හමුවේ ඉරානය මෙම ප්‍රකාශය නිකුත් කළේය. වෙරළේ සිට මුදා හැරිය හැකි පාවෙන බිම්බෝම්බ ඇතුළු විවිධ වර්ගයේ බිම්බෝම්බ යොදා ගනිමින් පර්සියානු ගුප්තකලාපයට පිවිසෙන සියලු මාර්ග වසා දමන බවත්, එවැනි තත්ත්වයකදී හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින අර්බුදයට වඩා දරුණු බලශක්ති අර්බුදයකට ලෝකයට මුහුණ දීමට සිදුවන බවත් ඉරානය පෙන්වා දෙයි.














