ටෙහෙරාන් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට (Tehran University of Science and Technology) එල්ල වූ බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මැදපෙරදිග කලාපයේ පිහිටි ඊශ්‍රායල සහ ඇමරිකානු විශ්වවිද්‍යාල ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරානය අවධාරණය කර ඇත්තේ ටෙහෙරාන් සරසවියට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ඇමරිකාව විසින් වහාම හෙළා දැකිය යුතු බවයි. එසේ නොවන්නේ නම්, ඉරානයේ දැඩි පළිගැනීමේ මෙහෙයුම්වලට (Severe Retaliation) මුහුණ දීමට සිදුවනු ඇති බවට IRGC බලකාය දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.
මෙම තත්ත්වයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම දැන් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ සිවිල් බුද්ධිමය මධ්‍යස්ථාන කරා ව්‍යාප්ත වීමේ බරපතල අවදානමක් මතුව ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම කලාපයේ පිහිටි ඇමරිකානු සහ ඊශ්‍රායල අනුබද්ධ සරසවිවල ආරක්ෂාව තර කිරීමට අදාළ රටවල් මේ වන විටත් පියවර ගෙන තිබේ.














