පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ ඇමෙරිකා-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හමුවේ ඉරාන දේශපාලන සහ යුද නායකත්වයට එල්ල වූ දරුණුතම බලපෑම තහවුරු කරමින්, එරට උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉකුත් අඟහරුවාදා (17) ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලාරිජානි (Ali Larijani) සහ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රබලතම ස්වේච්ඡා මිලීෂියා කණ්ඩායමේ නායක ගොලම්රේසා සුලෙයිමාන් (Gholamreza Soleimani) මියගොස් ඇති බව ඊශ්‍රායලය තහවුරු කළේය.
මෙම යුද්ධයේ ආරම්භක දිනය වූ පෙබරවාරි 28 වැනිදා එල්ල වූ ‘Operation Roaring Lion’ සහ ‘Operation Epic Fury’ ඒකාබද්ධ මෙහෙයුම්වලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු නායකයින් රැසක් මියගිය බව දැන් අනාවරණය වී තිබේ.
සිය නායකයින්ගේ මරණය වෙනුවෙන් ඉතා දරුණු සහ තීරණාත්මක පළිගැනීමක් සිදු කරන බවට ඉරාන රජය අද (18) නිල වශයෙන් ප්‍රතිඥා දුන් අතර, මේ වන විටත් ගල්ෆ් කලාපය පුරා මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරු වෙමින් පවතී.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සිය “Punch Card” එකේ නම් දෙකක් කපා දැමූ බවට වීඩියෝ පණිවිඩයක් නිකුත් කර ඇති අතර, ඔහු පිළිබඳව ද විවිධ මරණ පරීක්ෂණ කටකතා පැතිර යමින් පවතී.
මෙම ගෝලීය යුද වාතාවරණය හමුවේ මෙරට ආරක්ෂාව සහ පාරිභෝගික සුබසාධනය තහවුරු කිරීමට රජය අද විශේෂ පියවර රැසක් ගත් අතර, ඩ්‍රෝන යානා පියාසර කරවීම තහනම් කිරීමට සහ නව ඉන්ධන කළමනාකරණ ක්‍රමවේද හඳුන්වා දීමට ද පියවර ගැනුණි.














